අවුරුදු බිලියන 13 කට පමණ පෙර Arishem the Judge සහ Celestials ලා විසින් Big Bang එක එහෙමත් නැතිනම් විශ්වය (universe) නිර්මාණය කරනවා. විශ්වය නිර්මාණය කිරීමත් සමග විශ්වය පුරාවට galaxies නිර්මාණය කර නැවතත් අදුරු විශ්වයකට යාම වැලැක්වීම අරමුණින් Celestials ලා ජීවින් ඇති කරමින් විශ්වය පෝෂණය කිරීමට සමත්වුනා වගේම මේ සදහා Celestials ලට තව තවත් Celestials බිහි කිරීමටද සමත් වෙනවා. [Eternals]
අවුරුදු මිලියනකට වඩා ඉහතකදී අප්‍රිකාවේ ප්‍රදේශයකට කඩන වැටෙනවා උල්කාපාතයක්. මේ උල්කපතයේ ලෝහය හදුවන්නේ vibranium කියලයි. මේ vibranium විශ්වයේ තියෙන ශක්තිමත්ම ලොහයයි. මේ vibranium එක පොලවට වැටීමත් සමග එහි ඇති ශාක වලට සහ එහි සිටි මිනිසුන්ට සතුන් තුලට කා වැදුනා. මේ ප්‍රදේශය හැදින්වුයේ Wakanda ලෙස. කාලයත් සමග මෙහි ගෝත්‍රික පහක් බිහි වුණා අතර ඔවුනොවුන් අතර යුද්ද ඇති වුණා. ඔවුන් සටන් කළා ඔවුන්ගෙන් එක් අයකු රණශුරයෙක් ලෙස බිහි වෙනකම්. මේ රණශුරයාට Panther කෙනකුගේ දෘශ්යක් සමග heart-shaped herb නම් Wakanda වලට අවේනික වූ පැලෑටිය ශරීරයට උකහා ගැනීමෙන් අධිමානුෂික බලයක් හිමි වෙනවා. පසුව මේ රණශුරයා Balck Panther බවට පත් වී Wakanda හි රජු ලෙසට පත් වෙනවා. මේ ගෝත්‍රික පහෙන් හතරක් Balck Panther යටතේ ජිවත් වීමට කැමති වුනත් ඊට අකමැති වූ Jabari ගෝත්‍රිකයින් කදුකරයක වෙනම ජිවත් වුණා. Wakanda ඔවුන් සතුව තියන vibranium භාවිත කර තාක්ෂනය මගින් සංවර්ධනය කිරීමට සමත් වුණා. එ තාක්ෂනය මගින් ලොව වෙන කිසිම රටක දකින නොහැකි සංවර්ධනයක් ඇති කිරීමට සමත් වුණ අතර ඔවුන්ටම අවේනික වූ මේ vibranium පිටත් ලෝකයෙන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ බලය සගවා ගැනීම සදහා ඔවුන් ඔවුන්ගේ දේශය වනාන්තරයකින් සැගවුව. පිටත ලෝකයට Wakanda යනු තුන්වන ලෝකයේ දුත්පත්ම රටකි. [Black Panther]
ක්‍රි.පූ.5000 වැනි කාලයක 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෘථිවියට පැමිණෙනවා. Eternals වශයෙන් හදුන්වන මොවුන් පෘථිවියට පැමිණෙන්නේ පෘථිවි වැසියන් Deviants ලාගෙන් ආරක්ෂා කිරිමටයි. ශතවර්ෂ ගනාවක් තිස්සේ මොවුන් පෘථිවි වසියනේ ශිෂ්ටාචාර වර්ධනය කිරීමට මෙන්ම Deviants ලාගෙන් ආරක්ෂා කිරීමටද උදව් වනවා. [Eternals]
පෘතුවි වර්ෂ ක්‍රි.පු.2987 දී Convergence එක සිදුවෙන කාලයේ Asgardians සමග සටනකින් Dark Elves පරාජය වන අතර Dark Elves කෙනකු වන Malekith ට හිමිව තිබු Aether එක (Reality Stone) එක Thor ගේ සිය වන Bor විසින් මෙය ලබා ගෙන කිසි අයෙකුට සොයා ගත නොහැකි ස්ථානයක සගවනවා. [Thor:The Dark World]