0965

ක්‍රි .ව 965 දී Frost Giants සහ Asgardians අතර යුද්දයක් ඇති වෙනවා. මෙහිදී Asgardians යුද්දයෙන් ජය ගන්නවා. [Thor]

1147

1147 දී Xu Wenwuවිසන් mystical rings දහයක් සොයාගන්නා අතර එමගින් ඔහු අමරණිය සහ ප්‍රබල බලයන් හිමි කරගන්නවා. Ten Rings නමින් සංවිධානයක් නිර්මාණය කර ඒ හරහා විවිධ රාජ්‍යන්ට පහර දී බලය අල්ලාගැනීමට පටන් ගන්නවා. [Shang Chi and the Legend of the Ten Rings]

1521

1521 දී Aztec capital වල සිදු වූ සිදුවීමෙන් පසු Eternals ලා තීරණය කරනවා කණ්ඩායම විසුරවා මානව බැදීම් වලින් ඉවත් වී තම තමාගේම මාර්ග වල ගමන් කර ජිවත් වීමට. [Eternals]

1693

1693 Salem Witch Trials කාලයේදී Agatha Harkness ගෙන් ප්‍රශ්න කරනවා coven ලාගේ නීති කැඩීම සම්බන්ධයෙන්. මෙහිදී ඇය තම මව සහ අනෙක් witches ලගේ බලය ලබාගෙන ඔවුන්ව මරා දමනවා. [WandaVision]