1942

1942 මාර්තු මස දෙවන ලෝක යුධ සමයේ නාසි අණ දෙන නිලධාරී HYDRA හි Johann Schmidt , Norway හි Tonsberg නම් ගමක දේවස්ථානයකින් Tesseract හෙවත් Space Stone එක හොයාගන්නවා. [Captain America:The First Avenger]

1943

New York City හි Steve Rogers නම් හමුදා පරීක්ෂණ වලින් කිපසරයක්ම ප්‍රතිෂේප වූ තරුණයෙකු නැවත නැවතත් හබුදවට බැදීමට ඇති උනන්දුව නිසා පරීක්ෂණ වලට ඉදිරිපත් වෙනවා. මොහුගේ මේ උනන්දුව ගැන සැලකිල්ලක් දැක වූ Dr. Abraham Erskine , Steveට යෝජනා කරනවා ඔහුගේ super-soldier පරීක්ෂණයට ඉදිරිපත්වන ලෙස. [Captain America:The First Avenger]

Strategic Scientific Reserve Brooklyn Facility වලදී super-soldier පරීක්ෂණයන් Steve සාර්ථක වනනේ සුපිරි බලයක් සහිත පුද්ගලයෙක් ලෙස. නමුත් එතැනදී HYDRA සාමාජිකයෙකු විසින් එල්ල කරන පහර දීමක් නිසා Erskine මිය ගොස් super-soldier සුත්‍රය විනාශ වෙනවා. [Captain America:The First Avenger]

මේ නිසා U.S. Senator තීරණය කරනවා Steve ව ඔවුන්ගේ යුධ ආධාර ප්‍රවර්ධන වැඩසටහන් සදහා යොදා ගැනීමට. අකමැත්තෙන් වුවත් Steve එයට කැමති වෙනවා. ඔහු Captain America නමින් එහි ප්‍රසිද්ධ වෙනවා. මේ ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුරේ දිනක් ඔහු රහසේම නාසි කදවුරකට තනියම කඩ පැන සටන් කර ඔහුගේ හොදම මිතුරා Bucky Barnes සහ ඇමෙරිකානු හමුදා පිරිසක් බේරාගෙන පැමිණෙනවා. [Captain America:The First Avenger]

මේ හේතුවෙන් ඔහු උසස්වීමක්ද සමග Steve හමුදාවට බදවා ගන්න අතර ඔහුට vibranium shield එකක් Howard Stark විසින් පිරිනමන අතර Steve දෙවන ලෝක යුද්දේදී නාසි හමුදාවට එරෙහි සටන් කරනවා. Zola අල්ලා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වුන Captain America සහ Bucky, සටන අතරතුරේදී Bucky ප්‍රපාතයකට ඇද වැටෙනවා. [Captain America:The First Avenger]

1944

Schmidt, Tesseract බලය උපයෝගී කරගෙන අධිබලැති ආයුදයක් නිර්මාණය කර ඇමෙරිකාවේ නගර වලට පහර දීමට සැරසෙනවා. නමුත් Captain America ඔහුගේ HYDRA මූලස්ථානයට පහර දෙන්න පටන් ගන්නවා. Schmidt සමග සටන් කර ජය ගන්නා Captain America, Schmidt ගුවන් යානයකින් නගර වලට පහර දීම සදහා යොදා ගත් බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට නොහැකි වෙනවා. මේ හේතුවෙන් Captain America තීරණය කරනවා ගුවන් යානය තමන් සමගම කඩා වැදීමට. ඔහු කඩ වදිනවා අයිස් සහිත ප්‍රදෙශයකයට. [Captain America:The First Avenger]

1977

1977 නොවැම්බර් මස TVA නියෝජිත Mobius සහ Loki Variant කෙනෙක් සමග London වලට පැමිණෙනවා. ඒ TVA එකෙන් Sacred Timeline එකට පැන ගිය Hunter X-05 අල්ලා ගැනීමට. [Loki]

1987

1987 ජුලි මස රුසියානුවන් විසින් ඇමෙරිකාවට එල්ල කල මිසයිලයක් ක්‍රියා විරහිත කිරීමට Hank Pym සහ Janet ට හැකිවෙන අතර මෙහිදී Janet, Quantum Realm තුල සිර වෙනවා. [Ant-Man]

1988

1988 දී Missouri හිදී කුඩා Peter Quill ගේ මව පිළිකාවකින් මිය යන අතර Peter අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. [Guardians of the Galaxy]

1989

1989 ජුනි මස 13 වන දී Hank Pym , S.H.I.E.L.D. ඔහුගේ Ant-Man තාක්ෂනය යොදා ගැනීමට උත්සහ කිරීමත් සමග S.H.I.E.L.D. වලින් ඉල්ලා අස් වෙනවා [Ant-Man]

1989 ජුනි 22 දින Yon-Rogg සමග සටනේදී Carol Danvers විසින් Tesseract බලයෙන් නිර්මාණය කල Light-Speed Engine විනාශ කිරීමෙන් එහි තිබු Tesseract බලයන් අයගේ ඇගට absorb කරගන්නවා. [Captain Marvel]

1991

1991 දී රුසියානු හමුදාවේ ඇතුලේ සිටින HYDRA සාමාජිකයින් විසින් Winter Soldier ව මෙහෙයුමකට සුදානම් කරනවා . ඒ Long Island වලදී 1991 දෙසැම්බර් 16 දින Howard සහ Maria Stark ව ඝාතනය කර Super Soldier Serum අම්ලයේ සාම්පල් 5ක් පැහැර ගැනීමට. [Captain America: Civil War]

1992

1992දී එවකට Wakanda රජු T'Chaka යනවා කැලිෆෝනියාවේ ඔහුගේ සහෝදරයා N'Jobu ව හමුවෙන්න. T'Chaka චෝදනා කරන ඔහුගේ සහෝදරයාට මේ තොරතුරු ලබාදීම Wakanda වලට ද්‍රෝහි වූ බවට. මේ චෝදනාව N'Jobu ප්‍රතික්ෂේප කළත් James නමින් පෙනී සිටි Zuri එය සනාථ කරනවා. මොකද Zuri, N'Jobu සමඟ ළඟින් ජීවත්වීමට යොදවා තිබෙන්නෙත් T'Chaka විසින්මයි. මෙතනදී N'Jobu T'Chaka අතින් මිය යනවා. [Black Panther]

1995

Starforce කණ්ඩායම සුදානම් වනවා මෙහෙයුමකට. මේ මෙහෙයුම Torfa හි Kree වැසියෙකු Skrulls ලාගෙන් බේරා ගැනීමයි. Torfa ග්‍රහලෝකය වෙත පැමිණෙන එහිදී Skrulls ලා සහ ඔවුන් අතර සටනක් ඇති වෙන අතර Captain Marvel, Skrulls ලා හට හසු වෙනවා. Skrull නායක Talos, Captain Marvel ගේ මතකය ලබා ගැනීමට උත්සහ කරනවා. Talos ට දැන ගැනීමට අවශ්‍ය වන්නේ Light-Speed Engine එක තිබෙන ස්ථානය ගැනයි. නමුත් Talos සහ Skrull ලය පහර දී Skrull Ship එකෙන් පලා යන Captain Marvel පෘතුවිය Los Angeles වලට කඩා වැටෙනවා. මේ කාලය පෘතුවියේ 1995 දී. [Captain Marvel]

අභ්‍යවකාශයේ තියෙන Laboratory එකට Captain Marvel, Talos, Maria, Fury සහ Goose පැමිණෙන අතර එහිදී Starforce කණ්ඩායම සහ Captain Marvel අතර සටනක් ඇති වෙනවා. මේ සටනින් ඔවුන්ව පරාජය කර Ronan යාන සියල්ලම විනාශ කරන Captain Marvel, Ronan ඉදියට පැමිණීමත් සමග Ronan, jump point එකෙන් පලා යනවා. [Captain Marvel]

1995 සැප්තැම්බර් මසදී Russian sleeper agents කණ්ඩායමක් ලෙස ඇමෙරිකාවේ ජිවත් වුන Alexei Shostakov, Melina Vostokova, Yelena Belova සහ Natasha Romanoff පසුපස S.H.I.E.L.D. සංවිධානය හබා එනවා. Cuba වට පලා එන ඔවුන්ගෙන් Natasha සහ Belova ව Red Room පුහුණුකිරීම් සදහා රැගෙන යනවා. [Black Widow]

1995 නොවැම්බර් මස Hank Pym සහ Elihas Starr නිරම්නය කරමින් සිටි Quantum Tunnel එකක් පිපිරී යාමෙන් Ava Starr ගේ මව සහ පිය මිය යන අතර ඉන් Ava බලයන් සමග දිවි ගලවාගැනීමට සමත් වෙනවා. [Ant Man and the Wasp]

1996

1996 වසරේදී Ta Lo නම් ගමෙහි මිත්‍යා ජීවින් සිටින බව සොයාගෙන Xu Wenwu එහි පැමිණ අවස්ථාවේ Ying Li හමුවීමෙන් ඔහුගේ සියලු අරමුණු වෙනස් වී ඇය සමග විවහ වී ජිවත් වීමට තීරණය කරනවා. පසුව ඔවුන්ට Shang-Chi නමින් පුතෙකු සහා Xu Xialing නම් දුවෙකු ලැබෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]

1996 Thanos සහ ඔහුගේ හමුදාව Zen-Whoberi ග්‍රහලෝකයට පැහැර දෙන අතර ඉන් ජනගහනයෙන් භාගයක් මරා දමනවා. එහිදී Thanos ට Gamora හමුවෙන අතර ඇයව හදාගැනීමට තීරණය කරනවා. [Avengers: Infinity War]