JUL

Cassie විසින් නිර්මාණය කල Quantum Satellite එක ක්‍රියාත්මක වීමෙන් Scott,Cassie,Hope, Janet සහ Hank Pym, Quantum Realm එකට ඇදී යනවා. [Ant-Man and the Wasp: Quantumania]

Quantum Realm එක තුලදී ඔවුන්ට Council of Kangs එක මගින් Quantum Realm එකට නෙරපා සිරකර දැමු Kang the Conqueror හමුවනවා. Pym කණඩායමේ උදව් ගෙන Quantum Realm එකෙන් පැනයාමට Kang the Conqueror උත්සහ කරන නමුත් Conqueror සහ හමුදාවට පහර දී Quantum Realm එකෙන් පැන යාමට Pym කණඩායමට හැකි වෙනවා. [Ant-Man and the Wasp: Quantumania]

SEP

Adam Warlock විසින් Guardians of the Galaxy ලාට පහර දෙනවා. ඒ Ayesha විසින් Rocket ව පැහැරගෙන ඒමට Adamව යොදවන හේතුවෙන්. කෙසේ නමුත් මෙහිදී Adam, Rocket පැහැරගෙන ඒමේ මෙහෙයුම අසාර්ථක වන අතර ගැටුමේදී Rocket තුවාල ලබනවා. [Guardians of the Galaxy Vol. 3]

තුවාල ලබා මියමින් සිටින Rocket ගේ killswitch එක ඉවත් කිරීමට Guardiansලා Counter-Earth වල High Evolutionary ලග ඇති passkey එක සොයා යනවා. මෙහෙදී ඇතිවෙන සටනේදී Counter-Earth එක විනාශ වන අතර එහිදී Ayesha මිය යනවා. [Guardians of the Galaxy Vol. 3]

Arête Laboratories එකෙන් පලා යන High Evolutionary ව හබා යන Guardiansලා High Evolutionary හමුදාවට පහර දෙන අතර Guardiansලා ගේ සහයට පැමිණෙන Kraglin සහ Cosmo, Knowhere වලට පහරදීමට පැමිණෙන Orlonis හමුදාව විනාශ කිරීමට හැකිවෙනවා. [Guardians of the Galaxy Vol. 3]

High Evolutionary ව අල්ලාගැනීමට හැකිවෙන Guardiansලා ඔහු සිරකරන් සිටි ඔහුගේ පරිෂණය සදහා යොදාගන්මට සිටි Star Children සහ සතුන් නිදහස් කිරීමට හැකි වෙනවා. Adam Warlock, Guardians of the Galaxy කණ්ඩායමට එකතු වන අතර එහි නායකත්වය Rocket Raccoon හට හිමි වෙනවා. [Guardians of the Galaxy Vol. 3]

NOV

Gravik විසින් රුසියාවේ මොස්කව් නගරයේ බෝම්බයක් පුපුරවා හරිනවා. මෙයින් රුසියානු ජාතකයින් 2000 කට පමණ තම ජිවිත අහිමි වෙනවා. පසුව Nick Fury ලෙසින් වෙස්වලාගත් Skrull Resistance කෙනෙකු විසින් Maria Hill ව වෙඩි තබා ඝාතනය කරනවා. [Secret Invasion]

ලන්ඩන් හිදී Gravik සහ Skrull Resistance ලා විසින් ඇමෙරිකානු ජනාධිපති ඝාතනය කිරීමට උත්සහ කරනවා. ඔවුන්ගේ මෙහෙයුම් අසාර්ථක වුනත් හිටපු Skrulls නායක Talos, Gravik විසින් මරා දමනවා. [Secret Invasion]

රුසියාවේ New Skrullos හිදී G'iah සහ Gravik අතර ඇතිවෙන සටනේදී Gravik ව මරා දැමීමට G'iahට හැකි වෙනවා. [Secret Invasion]

Light-based powers සම්බන්ධය නිසා ඔවුන්ගේ බලයන් පාවිච්චි කිරීමේදී සිටින ස්ථාන මාරු වීමෙන් Rambeau, Ms. Marvel සහ Captain Marvel, Kree හමුදාවේ කිපදෙනුකු සමග සටනක් ඇති වෙනවා. [The Marvels]

Kree ග්‍රහලෝකය වන Hala ට අවශ්‍ය resources ලබා ගැනීම සදහා Tarnax IV ග්‍රහලෝකය විනාශ කර Aladna ග්‍රහලෝකයට පැමිණෙන Dar-Benn Aladna ග්‍රහලෝකයද විනාශ කරන අතර එහෙදී The Marvels සමග සටනක් ඇති වෙනවා. [The Marvels]

පෘථිවි සුර්යය්යා ට ප්‍රහාර එල්ල කිරමට සුදානම් වන Dar-Benn, The Marvels අතර සටනක් ඇති වෙන අතර එහිදී ඇය සොයාගත් Quantum Bands එක සහ Kamala ගේ Quantum Bands එකයි දෙකම එකවර භාවිතා කිරීමට උත්සහ කිරීමේදී Dar-Benn මිය යනවා. එහි දී Universal Neural Teleportation Network එකට හානි වීමෙන් එය යතා තත්වයට පත් කිරීමට Monica Rambeau ට හැකි වුනත් අවසානයේ ඇය මෙමගින් තවත් alternate universe එකකට ඇදී යනවා.මේ universe එකේ X-Men ලට හැකි වෙනවා Monica ව බෙරා ගැනීමට. මේ අතර Kamala විසින් Kate ව හමුවෙනවා නව කණ්ඩායමක් ආරම්භ කිරීමට. [The Marvels]

Death සහ Agatha අතර ඇතිවෙන සටනේදී Agatha මිය යන අතර ඇයගේ ආත්මය ghost කෙනෙකු ලෙස සැරිසැරීමට පටන් ගන්නවා. [Agatha All Along]