APR

New York City Mayor ලෙස තේරී පත්වූ Wilson Fisk විසින් මෙහෙයවන Anti-Vigilante Task Force, Daredevil ඝාතනය කිරීමට උත්සහ කරනවා. මෙහිදී Anti-Vigilante Task Force සහ Daredevil අතර සටනක් ඇති වෙන අතර Daredevil ට Punisherගේ සහයද හිමි වනවා. [Daredevil: Born Again]

Isaiah Bradley විසින් White House තුලදී President Thaddeus Ross ව ඝාතනය කිරීමට උත්සහ කරනවා. Samuel Sterns විසින් පුද්ගලයන්ගේ මනස පාලනය කල සිදු කෙරෙනු ව්‍යාජ උත්සහ කිරීමක ප්‍රතිපලක් වුණා මෙහිදී Isaiah අත්අඩංගුවට ගැනෙනවා. [Captain America: Brave New World]

ඇමෙරිකානු රජයේ adamantium සොරකම් කිරීමක් Samuel Sterns නොහොත් Leader ගේ හෙළිකිරීමෙන් ඇමෙරිකාව සහ ජපානය අතර Celestial Island වල යුධමය සටනක් ඇති වීමට ගියත් Captain America සහ Falcon ගේ මැදිහත් වීමෙන් එය නතර වී යනවා. [Captain America: Brave New World]

Washington, D.C. හිදී Leader ව අත්අඩංගුවට ගැනෙන අතර ඔහුගේ Thaddeus Ross ජනාධිපතිකම විනාශ කිරීමේ සැලසුමට අනුව Ross, Red Hulk කෙනෙකු ලෙස පරිණාමනය වනවා. එහිදී Captain America සහ Red Hulk අතර සටනක් ඇතිවී පසුව Ross ව අත්අඩංගුවට ගෙන Raft හි සිරගත කරනවා. [Captain America: Brave New World]

SEP

Valentina විසින් Ghost, U.S. Agent, Taskmaster සහ Yelena ව මෙහෙයුමක් ලෙස O.X.E. Vault එකට යොමු කරනවා. එහිදී ඔවුන් එකිනෙකාට පහරදීමට පටන්ගන්නා අතර Taskmaster ඉන් මිය යනවා. Valentina විසින් ඔවුන්ව උගුලකට හසු කර ඇති බව තේරුම් ගන්න ඔවුන්ට එහිදී Project Sentry වලට සමබන්ධ වුණ Bob හමුවෙනවා. Bob සහ ඔවුන් එයින් පලා යාමට හැකිවෙන අතර එයට Bucky Barnes සහ Alexei Shostakov ගේ සහයද හිමි වෙනවා. [Thunderbolts*]

Valentina විසින් Bob ව Sentry නමින් හදුන්වා ඇයව මරාදැමීමට සොයා පැමිනෙණ Thunderbolts කණ්ඩායම සමග සටන් කිරීමට නියෝග ලබා දෙනවා. පසුව Sentry විසින් තමාගේ ඇති වටිනාකම තේරුම් අරන් Valentina හට එරෙහි වීම නිසා Sentry ව මරාදැමීමට උත්සහ කරනවා. නමුත් ඔහුට ඇති බලය නිසා ඉන් ඔහුගේ අදුරු ජිවය පනගැන්වී මිනිසුන් Void කිරීමට පටන් ගන්නවා. Void තුලින් Bob ව අදුරු ජීවයෙන් ඉවත් කරගැනීමට Yelena සමග Thunderbolts කණ්ඩායමට හැකි වෙන අතර ඔවුන්ගෙන් ගැලවීම අරමුණින් Valentina ඔවුන්ව New Avengers ලෙස ප්‍රසිද්ධ කරනවා. [Thunderbolts*]