APR

Dark Gate එක විනාශ කිරීමට පටන ගන්න Xu Wenwu මේ හේතුවෙන් ඉන් Soul Eaters එලියට පැමිණ Ta Lo ගම්වාසීන්ගෙන් සහ Ten Rings කණ්ඩායම සාමාජිකයින්ගෙන් ආත්මය උකහාගෙන ඔවුන්ගේ නායක Dweller-in-Darkness ව පෝෂණය කරන්න පටන් ගන්නවා. වැව් පතුලෙන් හමුවෙන Great Protector ගේ උදව්වෙන් Soul Eaters ලව මර දන්නා හැකිවෙන Shang-Chi හට ඒ සදහා Ta Lo වැසියන්ගේ මෙන්ම Ten Rings කණ්ඩායම සහයද හිමි වෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]

Xu Wenwu ගෙන් Ten Rings වල බලය හිමි කරගැනීමට Shang-Chi ට හැකිවෙන නමුත් එතනට පැමිණෙන Dweller-in-Darkness විසින් Xu Wenwu මරා දමනවා. පසුව Shang-Chi ට Ten Rings මගින් Great Protector, Xu Xialing සහ Katy Chen ගේ උපකාරයෙන් Dweller-in-Darkness ව විනාශ කිරීමට හැකිවෙනව. [Shang Chi and the Legend of the Ten Rings]

Wong පැමිණ Shang-Chi සහ Katy Chen ව Kamar-Taj වලට රැගෙන යන අතර එහිදී ඔවුන්, Bruce Banner සහ Captain Marvel සමග Ten rings වල origin එක ගැන විශ්ලේෂණය කරනවා. කෙසේ නමුත් ඔවුන්ට එයින් නිසි නිගමනයකට ඒමට හැකි නොවුනත් මේ Ten rings මගින් mysterious පණිවිඩයක් සම්රේෂණය වන බව තේරුම් ගන්නවා. මේ අතර Ten Rings Headquarters වලට පැමිණෙන Xu Xialing, Ten Rings කණ්ඩායමේ නායිකාව බවට පත් වෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]

සිරෙන් පැනගිය Zemo ව රැගෙන යාමට Dora Milaje සාමාජිකාවන් කීපදෙනෙක් පැමිණෙන නමුත් එතැනදී ඔවුන් සහ ඇමෙරිකානු රජය විසින් නව Captain America ලෙස නම් කල John Walker Walker අතර ඇතිවෙන සටන අතරතුරදී Zemo පලා යනවා. පසුව Flag Smashers ලා සමග සටනකදී Karli අතින් Walker ගේ හොදම සගයා වන Lemar Hoskins මිය යන අතර මේ නිසා කෝප වුන Walker, Flag Smashers සාමාජිකයෙකු ප්‍රසිද්ධියේ මරා දමනවා. [The Falcon and the Winter Soldier]

MAY

Shield එක වෙනුවෙන් Walker, Falcon සහ Bucky සමග සටනක් ඇති වෙන අතර එහිදී Falcon suit එකේ පියාපතක් විනාශ වී යනවා. ඇමෙරිකානු රජය විසින් Walker ගේ ක්‍රියාකලාපය හේතුවෙන් Captain America mantle එකෙන් මෙන්ම ඇමෙරිකානු හමුදාවෙනුත් ඉවත් කරන කෙසේ නමුත් Walkerගේ ගමනට උදව් කිරීමට Valentina Allegra de Fontaine කැමති වෙනවා. [The Falcon and the Winter Soldier]

Wakanda හිදී Black Panther , T'Challa ගේ අවමංගල්‍ය සිදු වෙනවා. [Black Panther: Wakanda Forever ]

JUN

Peter යහළුවන් Europe school trip එකක් සදහා ඉතාලියේ Venice නුවරට පැමිණෙන අතර එතනට Hydro-Man පැමිණ මිනිසුන්ට පහර දීමට පටන් ගන්න අතර මෙතනට පැමිණෙන Mysterio, Hydro-Man ව පරාජය කිරීමට හැකිවෙන අතර Peter ද ඒ සදහා සහය වෙනවා. [Spider Man: Far From Home]

Peter, Carnival of Lights වලට පැමිණෙන Molten සමග Mysterio හා සටන්කර මේ සටනේදී Molten විනාශ වෙන අතර Spider-Man ට ඔහුගේ යහළුවන්ද බේරාගැනීමට හැකි වෙනවා. [Spider Man: Far From Home]

JUL

Beck සුදානම් වෙනවා E.D.I.T.H. තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින් London නුවර Elemental Fusion සමග සටනක් ඇති කිරීමට. Peter, Beck ගේ සැලසුම Fury හෙළිකිරීමට යාමේදී Beck එතනට පැමිණ Fury හට පහරක් එල්ල කර Peter ව illusions කීපයක සිර කරනවා. [Spider Man: Far From Home]

Elemental Fusion, London නුවරට පහර දීමට පටන් ගන්න අතර Mysterio එය සමග සටන් කිරීමට පටන් ගන්නවා. මේ සමගම Spider-Man ද මෙතනට පැමිනෙන අතර Elemental එක තුල Drones අතර සටන් කර පසුව Beck ව අල්ලා ගැනීමට ඔහුට හැකි වෙනවා. Beck මිය යාමට පෙර Spider-Man ගේ රහස් අනන්‍යතාවය මුළු ලොවටම හෙළි කරනවා. [Spider Man: Far From Home]

GRC ගොඩනැගිල්ලට කඩා වැදුණු Flag Smashers ලා එහි සාමාජිකයින්ව පැහැරගෙන ගොස් මරා දැමීමට උත්සහ කලත් Captain America (Sam), Bucky සහ Walker විසින් ඔවුන්ව බෙරාගනවා. [The Falcon and the Winter Soldier]

Mysterio ඝාතනයට චෝදනා ලද සිටින Peter හමුවීමට Matt Murdock පැමිණෙනවා Peter හට නීතිමය උපදෙස් ලබා දීමට. [Spider Man: No Way Home]

OCT

Bruce Banner ව සොයා Sakaar සිට පැමිණෙන යානාව හේතුවෙන් Jennifer Walters සහ Banner අනතුරකට ලක් වෙනවා. මේ අනතුරින් Banner ගේ gamma විකිරණ ලේ Walters ශරීර ගත වීමෙන් ඇය Hulk කෙනෙකුට පරිණාමනය වෙනවා. [She-Hulk: Attorney at Law]

සියවස් ගණනාවකට පසු Deviant ලා නැවත ක්‍රියා කාරී වීම හේතුවෙන් Eternals තීරණය කරනවා තම කණ්ඩායම එකතු කරගැනීමට. නමුත් තම අරමුණ Arishem හට සේවය කිරීම ලෙස තේරුම්ගත් Ikaris, Eternals නතර කිරීමෙන් Emergence එක සිදුවීමට හැරීමට උත්සහ කරන අතර මෙයට Sprite ගේද සහය හිමි වෙනවා. එහිදී Ikaris, Eternals අතර සටනක් ඇති වෙනවා. මෙතනට පැමිණෙන Kro සහ Thena අතර සටනක් ඇතිවෙන අතර එහිදී Deviant නායක වන මේ Kro ව මරා දැමීමට Thena හට හැකිවෙනවා. Eternals සාමාජිකයින් පරාජය කර Sersi ව මරා දැමීමට Ikaris උත්සහ කලත් ඔවුන්ගේ අතීත මතකයන් නිසා Ikaris, Sersi ව නොවලක්වා සිටීමට තීරණය කරනවා. Sersi සියලු Eternals ලාගේ බලයන් එකතු කරගෙන Celestial Emergence එක වලකිවීමට කටයුතු කරනවා. [Eternals]

Ikaris, Sersiගෙන් සමාව ඉල්ලා සුර්යා වෙත පියසර කර මිය යන අතර Sprite තීරණය කරනවා බලයන් ලබා දී සාමාන්‍ය මිනිසෙකු ලෙස ජිවත් වීමට. Thena, Makkari සහ Druig යානවන් විශ්වයේ සිටින තවත් Eternals ලා සොයා පිටත් වෙනවා ඔවුන්ටද සත්‍ය තෙරුම්කරදීමට. Celestial Emergence එක නැවත්වීම හේතුවෙන් පෘතුවියේ සිටි Sersi, Phastos සහ Kingo ව Arishem විසින් ඔවුන්ව පෘථිවියෙන් පැහැරගෙන යනවා. [Eternals]

NOV

Peter Parker, Doctor Strange සොයා New York Sanctum වලට පැමිණෙනවා. Strange හමුවෙන Peter ඉල්ලා සිටිනවා අතීතයට ගොස් Spider-Man අනන්‍යතාවය හෙළි වීම නිසා එය වලක්වා ගත හැකි මාර්ගයක් ගැන. නමුත් එහි ප්‍රතිවිපාක දන්නා නිසාත් Time Stone එක නොමැති නිසාත් Strange එය ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඔහු යෝජනා කරනවා මිනිසුන්ගේ මතකය මකා දැමීමේ සුත්‍රයක් ගැන. ඒ අනුව ඒ සුත්‍රය සිදු කරන අවස්ථාවේ Peter ගේ බාධා කිරීම හේතුවෙන් Strange හට සුත්‍රය වැරදි Spider-Man අනන්‍යතාවය දන්නා Multiverse හි අනික් universe පුද්ගලයීන් පැමිණීමට පටන් ගන්නවා. ඒ පැමිණි පුද්ගලයින් අතරින් Doctor Octopus සහ Green Goblin, Spider-Man සොයා එන අතර ඔවුන් අතර සටනක් ඇති වෙනවා. [Spider Man: No Way Home]

වෙනත් universe වලින් පැමිණි අය නැවත ඔවුනොවුන්ගේ universe වලය යැවීමට උත්සහකරන Strange නතර කිරීමට එරෙහි වෙන Peter මතය වන්නේ ඔවුන් නැවත ඔවුන්ගේ universe එකට යැවීමෙන් ඔවුන් මිය යා හැකි බවත් ඔවුන්ව මුදවාගෙන සුව කර නැවත ඔවුන්ගේ universe වලට යැවිය යුතු බවයි.මේ හේතුවෙන් Strange සහ Spider Man අතර සටනක් ඇති වෙන අතර Strange, Spider Man ව Mirror Dimension එකේ සිර කිරීමට උත්සහ කලත් ඉන් Strange එහි සිර කිරීමට Spider Man ට හැකි වෙනවා. [Spider Man: No Way Home]

Peter ගේ ඒ සැලැස්මට May, Jones, සහ Leeds උදව් කිරීමට කැමති වන අතර එහිදී Green Goblin හා සමග ඇතිවෙන සටනක් අතර තුරදී Aunt May මිය යනවා. කෙසේ නමුත් Peter තවත් Universe දෙකකින් පැමිණි Peter Parker දෙදෙනුකු සමග එක වී Green Goblin, Doctor Octopus, Sandman , Lizard සහ Electro සුව කිරීමට හැකි වෙනවා. Multiverse තුලින් තව තවත් Peter ව Spider-Man ලෙස හදුනන අය පැමිණීමට පටන් ගන්න අතර ඔවුන් නතර කිරීමට හැකි එකම මග තමන්ව Peter Parker ලෙස හදුනන අයව මතකයෙන් ඉවත් කිරීමෙන් පමණක් බව තේරුම් ගන්න Peter, Strange හට පවසනවා ඒ විදියට මන්ත්‍රය සිදුකරන ලෙස. ඒ අනුව මන්ත්‍රය සිදුකිරීමෙන් universe එකේ සියලු දෙනාගෙන් Peter Parker මතකයන් මැකී යනවා. [Spider Man: No Way Home]

Scarlet Witch විසින් Gargantos නම් creature කෙනෙකු එවනවා Multiversal හරහා ගමන් කල හැකි බලයක් ඇති වෙනත් universe එකකින් පැමිණි America Chavez ව පැහැර ගැනීමට. මෙහෙදී Wong සහ Doctor Strange මැදිහත් වීමෙන් Chavez ව බේරාගැනීමට හැකි වෙනවා. පසුව ඇය Strange ආරක්ෂාව යටතේ Kamar-Taj වලසිටින බව දැනගන්නා Scarlet Witch, Kamar-Taj වලට පහර දෙන අතර එහිදී Strange සහ Chavez තවත් Universe එකකට විසි වී යනවා. [Doctor Strange in the Multiverse of Madness]

ඔවුන් විසි වී ගිය Universe එකේ Wanda ගේ මනස පාලනයට ගනිමින් Scarlet Witch, Chavez අල්ලාගෙන ඇයගේ බලයන් ගෙන එමගින් ඇයගේ වෙනත් universe එකක දරුවන් ලබාගනීමට උත්සහ කරනවා. එහිදී Chavez විසින් ඔවුන් කලින් ගිය universe එකේ Wanda ගේ නිවසට portal එකක් නිර්මාණය යථාර්තය පෙන්වා දෙනවා. [ Doctor Strange in the Multiverse of Madness]

DEC

Black market වෙන්දේසියකදී Tracksuit Mafia කණ්ඩායම විසින් සිදු කරන මන්කොල්ලයකදී Kate, වෙනදෙසියට නියමිතව තිබු Ronin ගේ suit එක හදගෙන ඔවුනට පහර දී පලා යනවා. මෙම සිද්ධිය ප්‍රසිද්ධ වීමත් සමග Suit එක සොයා එන Clint හට Kate ව හමුවෙනවා. [Hawkeye]

Maya තම පියා ඝාතනය කල Ronin ව සොයා පලිගැනීමට සුදානමින් සිටින බව දැන ගන්නා Clint සහ Kate, Echo සහ Tracksuit Mafia කණ්ඩායමට පහරදී ඉන් පලායාමට හැකිවෙනවා. [Hawkeye]

Maya ගේ apartment එකට ඇතුළු වන Kate එහෙදී Maya අතර සටනක් ඇති වෙන අතර ඇයව යෙදවූ Clint ට එතනට පැමිණි Yelena Belova පහර දීමට පටන ගන්නවා. මේ සටන අවසානයේදී Maya සහ Yelena එතනින් පලා යනවා. [Hawkeye]

සියල්ල නිමා කිරීම අරමුණින් අවසානයේදී Echo හමුවෙන Ronin එහෙදී තම Clint බව පෙන්වා දෙනවා. ඊට අමතරව ඇයගේ පියා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ඔහුගේම boss Wilson Fisk නොහොත් Kingpin බව Clint හෙළි කරනවා. ඔවුන් අතර සටනක් ඇතිවෙන අතර Kate පැමිණ Clint ව බේරා ගන්නවා. [Hawkeye]

Fisk ට එරෙහිවී ඉවත්ව යාම වෙනුවෙන් Fisk, Eleanor ව මරා දැමීමට උත්සහ කලත් එය සාර්ථක වන්නේ නෑ. Christmas Eve party එකට ප්‍රහාරයක් එල්ල කරන Kazi Kazimierczak සහ Tracksuit Mafia, Kate Bishop සහ Hawkeye සමග සටනක් ඇතිවෙනවා. එහිදී Tracksuit Mafia කණ්ඩායම මෙල්ල කිරීමට ඔවුන්ට හැකිවෙනවා. මෙතනට පැමිණෙන Yelena ද Hawkeye අතර සටනක් ඇතිවෙන අතර එහිදී Hawkeye, Natasha ගේ sacrifice එක ගැන පැහැදිලි කර දෙනවා. මේ අතර මෙතනට එන Fisk, Kate Bishop අතරද සටනක් ඇතිවෙන අතර එහිදී Fisk හට තුවාල සිදුවී පලා යනවා. පලා යන Fisk ඉදිරියෙට එන Maya, තම පියාගේ සැබෑ ඝාතකයා Fisk හට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. [Hawkeye]