San Francisco වල ගබඩාවක් ඉදලා Ant-Man , Luis ගේ වැන් එකේ Quantum Tunnel එක හරහා Quantum Realm එකෙන් එලිය පැමිණෙනවා. Avengers Facility වෙත එන Scott පැහැදිලි කරනවා තමන් Quantum Realm තුල සිර වී සිටයේ පිටත ලෝකයට අවරුදු 5ක් වුනාට ඔහුට එයට ගත වුනේ පැය 5ක් පමණ බවත් Quantum Realm මගින් වෙනත් කාලයකට යා හැකි බවත් එය පාලනය කරන දෙයක් නිර්මාණය කලහොත් Decimation එකට පෙර කාලයට යා හැකි බවත්. [Avengers: Endgame]
ඒ අනුව Avengers කණ්ඩායම නැවත එකතු කරගැනීමෙන් පසු Stones නැවත රැගෙන ඒමට කණ්ඩායම් 3කින් සමන්විත Avengers ල කාලය හරහා අතීතයට ගමන් කරනවා. [Avengers: Endgame]
Alternate timelines වල අතීතයෙන් සොයාගත් Stones සමග Natasha නොමැතිව Avengers ලා නැවත පැමිණෙනවා. Tony, Stones 6 එකතු කල Nano Gauntlet එකක් නිර්මාණය කරනවා. නිර්මාණය කල Gauntlet එකෙන් Snap එක සිදු කිරීමට Hulkට හැකි වෙනවා. [Avengers: Endgame]
Blip එකත් සමගම 2014 Alternate timeline එකකින් පැමිණි Thanos ගේ යානාවෙන් Avengers Facility වෙත දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. කඩා වැටුණු Avengers Facility හි Hulk,War Machine,Ant-Man සහ Rocket සිරවෙන අතර Hawkeye, Stones සමග Iron Gauntlet සොයා ගන්නවා. ඉන් පිටතට පැමිණෙන Iron Man, Captain America සහ Thor සුදානම් වෙනවා Thanos සමග සටන් කිරීමට. [Avengers: Endgame]
Thanos සහ Iron Man, Captain America, Thor අතර සටනක් ඇති වෙන අතර Hawkeye ගෙන Gauntlet එක ලබා ගන්න 2014 Nebula, Gamora ව මැරීමට උත්සහ කිරීම නිසා වර්තමානේ Nebula විසින් මරා දමනවා. [Avengers: Endgame]
Thanos සහ Captain America අතර සටනක් ඇති වෙන අතර මෙහිදී Thanosගේ දරුණු පහරවල් වලට Captain America ලක් වෙන අතර Sling Ring Portal එකක් මගින් එන Black Panther , Shuri සහ Okoye සටනට එකතු වනවා. ඒ සමාගම Sling Ring Portal සියගණන් නිර්මාණය වී M'Baku ඇතුළු Wakanda හමුදාවත්, Falcon , Doctor Strange , Wanda Maximoff , Spider-Man , Drax , Groot , Wasp , Star-Lord , Mantis , Winter Soldier,Rescue Armor එකෙන් එන Pepper Potts,Valkyrie,Korg Hulk, War Machine, Rocket, Giant-Man, Wong ඇතුළු Masters of the Mystic Arts කණ්ඩායම , Dora Milaje කණ්ඩායම , Ravagers කණ්ඩායම සහ Asgardians ල Captain America ගේ සටනට එකතු වෙනවා. [Avengers: Endgame]
Thanos ගේ හමුදාව සහ Avengers අතර සටනක් Avengers Compound හි ඇති වෙන අතර දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන Sanctuary II එක සහමුලින්ම විනාශ කිරීමට එතනට එන Captain Marvel ට හැකි වෙනවා. [Avengers: Endgame]
Gauntlet එක ලබාගෙන Thanos snap එක සිදු කිරීමට ගියත් එය කීප සැරයක්ම වළක්වෙනවා.අවසානයේ Stones ටික ලබා ගන්න Iron Man, Iron Man Armor එකෙන්ම නිර්මාණය වන Gauntlet එකකින් snap එක සිදු කරන අතර එයින් Thanos සහ මුළු හමුදාවම ඔවුගේ යාන සමගම අළු වී යනවා. Infinity Stones සියල්ලේම බලය දරාගත් නොහැකි වූ Iron Man නොහොත් Tony Stark මිය යනවා. [Avengers: Endgame]
අලුත් Quantum Tunnel එකකින් Stones නැවත අතීතයට රැගෙන යාමට Steve පිටත් වීමත් සමග Quantum Tunnel එකෙන් නැවත නොඑන Steve ඒ අසල බංකුවක දකින්න ලැබෙනවා. Steve තම shield එක සහ Captain America නාමය Sam හට පිරි නමන අතර ඔහු ගත කල ජීවිතය රහසක් විදියටම තිය ගැනීමට කටයුතු කරනවා. [Avengers: Endgame]