MAR

Triskelion එකට පැමිණෙන Steve හට Hydra සාමාජිකයින් විසින් එහිදී පහරදීමකට උත්සහ කලත් Steve ඉන් ගැලවී යනවා. පසුව ඔහු දැනගන්නවා HYDRA නායක Arnim Zola ගේ හඩපටයකින් දෙවන ලෝක යුද්දෙන් පසුව Zola නැවත S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි කර ගොඩ නැගුව බව. [Captain Aamerica: The Winter Soldier]

Hydra පාලනයට ගෙන තිබෙන Triskelion එකට පැමිණෙන ඔවුන් Hydra හි මෙහයුම අසාර්ථක කිරීමට හැකි වෙනවා. [Captain Aamerica: The Winter Soldier]

Sokovia වල HYDRA Research Base එකේදී Scepter එක ඔවුන් සතු කරගෙන සිටින Hydra නායක Wolfgang von Strucker, සමග ඔවුන්ගේ පරීක්ෂණයට යොදා ගත් Pietro Maximoff සහ Wanda Maximoff දකින්න පුළුවන්. [Captain Aamerica: The Winter Soldier]

AUG

Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර Ravagers ලා සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක නොහොත් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter ඔවුන්ට හොර රහසේම ගොස් Orb එක ලබා ගන්නවා. Thanos සමග එකගතාවයකට පැමිණෙන්න Ronan, Orb එක රැගෙන ඒම සදහා Gamora ව යොදවනවා. [Guardians of the Galaxy]

Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. Peter ඇතුළු පිරිස Knowhere වල Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Collector ගේ සේවිකාවක්, Orb එක ස්පර්ශ කිරීම නිසා Collector Museum එක විනාශ වෙනවා. Drax ගේ පණිවිඩයක් නිසා මෙතනට Ronan සහ ඔහුගේ හමුදාවක් පැමිණෙනවා. Peter සහ පිරිසට පහර දෙන දෙන Nebula සහ Ronan ගේ හමුදාව Orb එක ලබා ගන්න අතර Peter සහ Gamora, Yondu Udonta හට කොටුවෙනවා. [Guardians of the Galaxy]

Rocket, Groot සහ Drax ද ඔවුන්ට එකතුවෙන අතර ඔවුන් තීරණය කරනවා Ronan එරෙහිව සටන කර Orb එක ලබාගෙන ආරක්ෂා කිරීමට. Xandar හි Nova Corps සමග එකතු වී Rocket, Groot, Drax, Peter සහ Gamora, Ronan හමුදාව සමග සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොට Peter ඇතුළු Guardians of the Galaxy ජයගන්නවා. [Guardians of the Galaxy]

OCT

Egoගේ සැලසුමට එරෙහිව Ego සමග සටන කරන Peter සහ Guardians ලා Ego පරාජය කිරීමට හැකි වෙනවා. පුපර යන detonater නිසා Egoගේ මෙහෙයුම් මොළය විනාශ වී Ego ද විනාශ වී යනවා. [Guardians of the Galaxy Vol.2]

සටනින් පසු පීටර් බේරාගැනීමට අභ්‍යවකාශයට රැගෙන යන Yondu අභ්‍යවකාශය ඔක්සිජන් නොමැති වීමෙන් මිය යනවා. Sovereign සාමාජිකයෙක් ඇවිත් Ayesha ට කියනවා council එක සුදානම් වී ඇති බව. Ayesha කියනවා ඇය Anulax Batteries නැති කරගැනීම සම්බන්ධයෙන් ඔවුන් shock වෙයි නමුත් ඇය නිර්මාණය කල දෙය නිසා ඔවුන් එය අමතක කරවී කියල. Birth pod එකක් ඇතුලේ සිටින ඔහුට ඇය Adam කියලා නම තියෙනවා. [Guardians of the Galaxy Vol.2]