HYDRA සතුව පවතින scepter එක සොයා Avengers ලා, Sokovia හි පිහිටි HYDRA පරේෂණ මධ්‍යස්ථානයකට පහර දී scepter ඔවුන් සතු කර ගන්නවා. [Avengers: Age of Ultron]
Avengers Tower හිදී Tony Stark සහ Bruce Banner, scepter එක බලය භාවිතා කරමින් Ultron බිහිකිරීමට පරීක්ෂණයක් සිදු කරනවා. නමුත් මෙහිදී Ultron විසින්ම සක්‍රියනය වී J.A.R.V.I.S. විනාශ කර එහි පාලනයද Iron Legion තුලට ගොස් ශරීර නිර්මාණය කොට Avengers හට පහර දී, scepter එකද රැගෙන පලා යනවා. [Avengers: Age of Ultron]
Ultron පරීක්ෂණ ශරීරය හට නැවත තම වැඩසටහන ක්‍රියාත්මක කල හැකි බව සිතන Tony හා Bruce ඔවුන්ගේ පරීක්ෂණ නැවත ආරම්භ කරන අතර පසුව Thor විසින් අකුණු බලය උපයෝගී කරගෙන Ultron හට ජිවය ලබා දීමෙන් Vision නිර්මාණය වෙනවා. [Avengers: Age of Ultron]
Avengers, Vision, Pietro සහ Wanda, Sokovia වලදී පෘතුවිය විනාශ කිරීමට එරෙහිව Ultron රොබෝ හමුදාවට අතර සටනක් ඇති වෙනවා.මෙහිදී ඔවුන්ට Ultron ව විනාශ කිරීමට හැකි වෙන නමුත එහිදී Pietro මිය යන අතර Hulk සැම දෙනාගෙන් වෙන් වී යාමට තීරණය කරනවා. [Avengers: Age of Ultron]
Scott Lang , San Quentin State Prison එකෙන් නිදහස් වෙන අතර Hope van Dyne සහ Pym සමාගමේ වර්තමාන අධ්‍යක්ෂ Darren Cross උත්සහ කරනවා Pym ගේ Ant-Man තාක්ෂනය Yellowjacket නමින් නැවත නිර්මාණය කිරීමට. [Ant Man]
Pym, Ant-Man තාක්ෂනය ඇති භයානක කම නිසා Yellowjacket ව්‍යාප්තියට අකැමති අයෙකි.මේ නිසා ඔහු එය නැවත්වීම සදහා Dyne ගේ ද උදව් ඇතිව Ant-Man නැවත බිහි කිරීමට උත්සහ කරන අතර ඔහුට අවශ්‍ය වන්නේ Lang ඒ සදහා යොදා ගනිමටයි. තම පත්ව සිටින තත්වයේ හමුවේ මෙය හොද අවස්ථාවක් බව සිතු Lang ඒ සදහා කැමති වෙනවා. Pym සහ Dyne එකතු වී Lang ව Ant-Man වීමට පුහුණු කරනවා. [Ant Man]
Cross ඔහුගේ Yellowjacket නිර්මාණය එළිදැක්වීමේදී Ant-Man ඔහුගේ යාලුවන්ගේද උදව් සමග එතනට පහර දීමට පටන් ගන්නවා. පසුව Cross විසින් Yellowjacket suit එක පලද Ant-Man සමග සටනටක් ඇති වන අතර එහිදී Yellowjacke මිය යනවා. සටනින් Quantum Realm එක තුලට යන Ant-Man නැවතත් පිටත ලෝකයට ඒමට හැකි වෙනවා. [Ant Man]
Zealots (Masters of the Mystic Arts වලින් වෙන් වුන පිරිසගෙන් එකතු වූ කණ්ඩායමක්) එනවා නේපාලයේ කත්මන්ඩු වල Kamar-Taj වලට. මේ කණ්ඩායමේ නායකයා වන්නේ Kaecilius. ඔවුන් ඝාතනය කරනවා ග්‍රන්ථ ශාලාව භාරව ඉන්න Masters of the Mystic Arts සාමජිකයෙකුව. පසුව Kaecilius විසින් Cagliostro පොතෙන් පිටු දෙකක් ඉරා ගන්නවා. මෙතනට එන Ancient One නිසා Kaecilius සහ ඔහුගේ කණ්ඩායම පැන යනවා ද්වාරයකින්. Ancient One සහ Zealots කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා . නමුත් Kaecilius ද්වාරයක් නිර්මාණය කර ඉන් සටනෙන් ඉතිරි ඉතුරු සාමාජිකයින් සමග පලා යනවා. [Doctor Strange]