NOV

London දී Jane Foster හා Darcy Lewis හට මිට වසර දෙකකට පෙර New Mexico හිදී ඇති වූ හා සමාන සංඥාවක් අයගේ විද්‍යාත්මක උපකරනක් හරහා සොයා ගන්නවා. එම සංඥාව සොයාගෙන යන ඔවුන් පෘථිවිය හා වෙනත් ග්‍රහලෝක සමබන්ද වෙන ගුරුත්වාකර්ෂණ සහිත ද්වාරයකක් සොයා ගන්නවා.Jane මේ ද්වාරය හරහා ගොස් වෙනත් ග්‍රහ ලෝකයකට පිවිසෙනවා. එහිදී අයගේ ශරීරය තුලට මේ Aether එක ඇතුළු වෙනවා. [Thor: The Dark World]

Greenwich වලදී Convergence එක සිදු වෙන අවස්ථාවේදී Malekith විසින් මේ Reality Stone එක තම ඇගට ඇතුළු කර ගත් නමුත් Thor සමග සටනින් පසු මෙය නැවත Asgard සතු කර ගන්නවා. [Thor: The Dark World]

Thor තීරණය කරනවා Asgard හි සිංහාසනය භාර නොගෙන පෘතුවියේ Jane සමග ජිවත් වීමට. Malekith ගෙන් මුදවාගත් Aether එක Asgardians විසින් Taneleer Tivan නොහොත් the Collector හට භාර දෙනවා ආරක්ෂා කිරීමට. [Thor: The Dark World]

DEC

Mandarin ගේ කණ්ඩායමක් විසින් Tony ගේ mansion එකට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමනවා. මේ ප්‍රහාරයෙන් දිවි ගලවගන්න Iron Man එතනින් California වලට පල යනවා. [Iron Man 3]

Pepper Potts සහ War Machine අල්ලා ගැනීමට සමත් වෙන Aldrich, James Rhodes ගෙන් War Machine suit එක පැහැර ගන්නවා. Rhodes තේරුම් ගන්නවා Killian ඇමෙරිකානු ජනාධිපති Matthew Ellis පහර ගැනීමකට සැලසුම් කරන බව. Air Force One එකට පහර දී Killian ජනාධිපතිව පැහැර ගන්න අතර එහෙඉ ඇතිවන සටන නිසා Air Force One කාර්යමණ්ඩලය යානාවෙන් බේරාගැනීමට Iron Man හට හැකි වෙනවා. [Iron Man 3]

ජනාධිපතිව නැවත බේරා ගැනීමට Rhodes සහ Tony, Killian සොයා යන අතර පසුව සටනේදී Tony නිර්මාණය කල Iron Legion ද ප්‍රයෝජනයට ගනිමින් Killian ව පරාජය කර Potts සහ ජනාධිපතිව බේරා ගන්නවා. [Iron Man 3]