MAY

S.H.I.E.L.D. යටතේ පවතින Tesseract (Space Stone) එක ආපසු ලබා ගැනීමට Thanos විසින් Loki ව පෘථිවියට එවනවා. Selvig, Clint Barton සහ තවත් S.H.I.E.L.D. කිපදෙනේක්ව Scepter එක මගින් මෝහනය කර Loki, S.H.I.E.L.D. හි පරේෂණ ස්ථානයකට පහර දී Tesseract එක රැගෙන පල යනවා. [The Avengers]

S.H.I.E.L.D. සොයා ගන්නවා Loki සිටින ස්ථානය. පසුව Rogers (Captain America) සහ Tony (Iron Man) එකතු වී Loki ව අත්අඩංගුවට ගන්න අතර Loki ව අත්අඩංගුවේ රැගෙන යද්දී Thor පැමිණ Loki ව නැවත Asgard වලට රැගෙන යාමට උත්සහ කරනවා. Rogers ගේ ඉල්ලීම මත Thor කැමති වෙනවා Loki ව ඔවුන්ට භාර දීමටත් ඔවුන් සමග එකට වැඩ කිරීමටත්, Loki ව S.H.I.E.L.D. ට අයත් Helicarrier යානයෙන් රැගෙන යද්දී Loki ගේ පිරිස විසින් යානයට ප්‍රහාරයක් එල්ල කරනව. එතනදී Loki පලා යනවා. [The Avengers]

Tesseract එකේ බලය යොදා ගනිමින් Selvig, New York City හි පිහිටි Stark Tower එක උඩ සිට ලෝකය හරහා විවරක් විවෘත කරනවා. ඒ සමගම Thanos ගේ Chitauri හමුදාව පෘථිවියට පැමිණ New York නගරයට පහර දෙන්න පටන් ගන්න අතර Avengers විසින් Chitauri හමුදාව සහ Loki ව පරාජය කරනවා. [The Avengers]

අවරුදු 12 වයසැති Kate Bishop ජිවත් වන New York හි නිවසට Chitauri ප්‍රහාරයක් එල්ල කරනවා. එහිදී Hawkeye විසන් Kate Bishop ඉල්ලක කර සිටි Chitauri ගෙන් Kate Bishop ව බේරා ගන්නවා. මේ ප්‍රහාරයේදී Kate Bishop ගේ පියා මිය යනවා. [Hawkeye]

Thor, Loki ව අත්අඩංගුවට ගෙන Tesseract එකත් සමග Asgard වලට පිටත්ව යන අතර Avengers ලා විසිර යනවා.මේ අතර The Other විසින් Thanos හට පවසනවා Loki ගේ සැලැස්ම අසාර්ථක වුන බව. [The Avengers]

නිව් යෝක් සටනින් පස්සේ විනාශ වුන ගොඩනැගිලි පිර්සිදු කිරීමේ Toomes Salvage Company නම් වූ කණඩායමක් එහි සුන් බුන් ඉවත් කරමින් සිටිනවා. මෙතනට එන කණඩායමක් පවසන්නේ පිරිසිදු කිරීම් නතරකරන ලෙසත් දැන් එහි බලතල තමන් සතුව ඇති බවත්. එම නිසා සියලුම දෑ මෙතැන් සිට ඔවුන්ට වැඩකටයුත් සහ එකතු කරගත්ත දේවල් භාරදෙන ලෙස ඉල්ලනවා. මෙතැනදී ඇති වෙන මතවාදයක් නිසා Adrian කණ්ඩායමේ අයෙකුට පහර දෙනවා. එවිට එහි ප්‍රධානියා කියන්නේ කතාකරන්න දෙයක් ඇත්නම් ඉහලට කතා කරන්න කියලා. Toomes Salvage Company එකේ අය නම් මේ සම්බන්ධයෙන් තරහකිනුයි ඉන්නේ..මොකද මේ නිසා ඔවුන්ගේ රැකියාව අහිමි වීම ගැන. ඒ වගේම ඔවුන් පිරිසිදු කිරීම් වලදී පිටසක්වල ද්‍රව්‍ය (Chitauri ගේ තාක්ෂනය සහිත) ගොඩක් දැනටමත් හොරකම් කරගෙන ඉවරයි. Adrian තීරණය කරනවා මේ නිසා ඔවුන්ගේ රැකියාවද වෙනස් කිරීමට. [Spider Man: Homecoming]