MAR

Alternate universe (Earth-10005) එකකින් පැමිණි Wade Wilson උත්සහ කරනවා Avengers කණ්ඩායම හා සමබන්ධ වීමට. නමුත් මේ සදහා ඔහුට ප්‍රමාණවත් හේතුවක් නොමැති නිසා Happy විසින් ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. [Deadpool & Wolverine]

MAY

Hank තීරණය කරනවා Quantum Realm එක තුලට ගොස් Janet සොයා යාමට. එ වගේම Ant-Man සහ Wasp තීරණය කරනවා Ghost ව සහ Sonny ඇතුළු කණ්ඩායම නැවත්වීමට, ඔවුන්ගේ සහයට Luis ද එකතු වෙනවා. [Ant Man and the Wasp]

Ant-Man සහ Wasp, Ghost ව සටනකින් නැවත්වීමට හැකි වෙන අතර Hank, Janet සමග Quantum Realm එකෙන් නැවත ඒමට හැකි වෙනවා. පසුව Janet හැකි වෙනවා Ghost ව සුව කිරීමට. [Ant Man and the Wasp]

Sanctuary යානයෙන් Asgardian Ship එකට ප්‍රහාර එල්ල කර Asgardian කිපදෙනුකු මරා දමනවා. පහර කෑමට ලක් වුණ Thor වත් රැගෙන Thanos කියනවා Loki ට තම සහෝදරයාගේ ජීවිතය වෙනුවෙන් Tesseract එක ලබා දෙන ලෙස. Thanos අතට Tesseract එක ලබා දීමට පෙර එතනට එන Hulk, Thanos මග සටනක් ඇති වෙනවා. පහසුවෙන්ම Hulk ව පරාජය කරන්න Thanos ට හැකි වෙනවා. තම අවසන් ශක්තියෙන් Bifrost බලයෙන් Hulk ව පෘථිවියට යැවීමට සමත් වෙන Heimdall මේ හේතුවෙන් Thanos, Heimdall මරා දමනවා. පෘතුවියේ තියන stones දෙක රැගෙන ඒමට Black Order කණ්ඩායම පිටත් කිරීමට සුදානම් වන Thanos හට Loki කියනවා පෘතුවියට පහර දීමට තමාට පළපුරුද්දක්‌ ඇති බැවින් තමාවත් යවන ලෙස. මේ කතාවෙන් මග යවා Loki Thanos ට පහර දීමට සුදානම් වෙනවා. Space Stone එක මගින් එය වැලක්වීමට සමත් වෙන Thanos, Loki ව මරා දම Power Stone එකෙන් යානාව මුළුමනින්ම විනාශ කරමින් Space Stone පාවිච්චි කරමින් Thanos සහ Black Order කණ්ඩායම එතනින් පිටත් ව යනවා. [Avengers: Infinity War]

Cull Obsidian සහ Iron Man අතර සටනක් ඇති වෙන අතර Strange, Wong සහ Ebony Maw අතර සටනක් ඇති වෙනවා. Cull Obsidian සහ Iron Man සටන අතරට Spider Man පැමිණෙනවා. Ebony Maw, Strange ගේ Eye of Agamotto ගලවා ගැනීමට උත්සහ කරත් එය සාර්ථක වෙන්නේ නෑ. Strange කියන්නේ මන්තරය කඩන්නේ නැතුව stone එක ගැනීමට නොහැකි බවයි. Ebony Maw, Strange රැගෙන යාමට සුදානම් වෙනවා. Iron Man, Spidey ට කියනවා Strange ව අල්ලා ගන්න කියලා. එත් Ebony Maw, Strange සහ Spidey සමගම යානාවට යනවා. Cull Obsidian ව ද්වාරයකින් වෙනත් ස්ථානයකට යැවීමට Wong ට හැකි වෙන අතර Iron Man පිටත් වෙනවා Q-Ship එකට යාමට. ඉහලට යන Q-Ship එක තුලට Strange ව Ebony Maw ඇතුලත් කර ගන්න අතර Q-Ship එක පිටත ඉන්න Spidey ට ඉහල වායුගෝලයේ ඔක්සිජන් නොමැති වීම නිසා ඇදගෙන වැටෙනවා. Iron Man විසින් New Avengers Facility වලින් මුදා හරින Armor එකක් Spidey ට සවි වෙනවා. Iron Man විසින් Spidey ව නැවත පෘතුවියට යැව්වත් යානාව මත රැදීමට Spidey සමත් වෙනවා. Q-Ship යානය අභ්‍යවකාශයට ගමන් කරනවා. මේ අතර Tony අතින් වැටුණු phone එක රැගෙන banner, Steve ට ඇමතුමක් ගන්නවා. [Avengers: Infinity War]

Space එකේදී hole එක හරහා යන Guardians ලා දකිනවා විනාශ වුණ Asgard spaceship එක. ඔවුන්ට එහිදී Thor ව හමු වෙනවා. Thor ව අවධි කරන Mantis, Thor කියනවා Guardians ලට Thanos ගැන. Gamora පැහැදිලි කරනවා Thanos හට Infinity Stones හයම ලැබුනොත් එක finger snap එකකින් විශ්වයේ භාගයක්ම විනාශ කල හැකි බව. Thanos පරාජය කරන්න ආයුධයක් අවශ්‍ය කියන Thor ඒ සදහා Rocket සහ Groot සමග Benatar හි Space Pod එකකින් Nidavellir වලට පිටත් වෙන අතර Peter Quill, Gamora, Drax සහ Mantis Reality Stone එක ලබා ගැනීමට Knowhere වලට පිටත් වෙනවා. [Avengers: Infinity War]

Avengers වෙන් වීමෙන් පසු Vision සහ Wanda Maximoff, Scotland වල ජිවත් වෙනවා අලුත් ජිවිතයක් ආරම්භ කරමින්. මොවුන් වීදියේ යනකොට දකිනවා නිව් යෝක් නගරයේ වුණ විපත ගැන පුවතක්. Vision ඔවුන්ගේ උදව්වට යාමට සුදානම් වෙනවත් සමග Proxima Midnight සහ Corvus Glaive පහර දෙන්න පටන් ගන්නවා. Vision ගේ Mind Stone එක ගැලවීමට උතසහ කරන ඔවුන් Wanda සමග සටනක් ඇති වෙනවා. මෙතනට උදව්ව්ට එන Steve Rogers, Black Widow, Falcon නිසා Proxima Midnight සහ Corvus Glaive එතනින් Q-Ship එකෙන් පලා යනවා. තුවාල වුනු Vision සහ Wanda, New Avengers Facility වෙත රැගෙන යාමට Steve තීරණය කරනවා. [Avengers: Infinity War]

Titan වලදී Iron Man, Spider-Man, Star-Lord, Drax සහ Mantis Thanos හට පහර දෙන්න සැලසුමක් සාකච්චා කරනවා. Time Stone එක යොදා ගෙන Strange දකිනවා අනාගතය විකල්ප විදි 14,000.605 ක්. එ වගේම Strange කියනවා ඉන් එකම එක අවස්ථාවක් පමණයි ඔවුන් ජය ගන්නේ කියලා. Thanos, Vormir වලට පැමිණෙනවා Gamora සමග. එහිදී අපිට දකින්න පුළුවන් වෙනවා Red Skull ව. Red Skull කියනවා Soul stone එක ලබා ගැනීමටනම් තමන් වඩාත්ම ආදරය කරන කෙනාගේ ජීවිතය බිලි දෙන්න සිදු වෙන බව. එ අනුව Thanos තම දියණිය Gamora ව Soul stone එක වෙනුවෙන් බිලි දී stone එක ලබා ගන්නවා. [Avengers: Infinity War]

Wakanda වලට පැමිණෙන Steve ගේ කණ්ඩායම T'Challa විසින් පිලිගන්නවා. සම්පුර්නයෙන්ම සුව වූ Bucky සහ Steve මෙතනදී හමු වෙනවා. Mind Stone එක නිරීක්ෂණය කරන Shuri කියන්නේ එය Vision ගේ සිරුරෙන් ඉවත් කල හැකි බවත් නමුත් එයට යාම කාලයක් ගත වෙන බව. Q-Ship යානාවෙන් එන විශාල යානාවක් Wakanda වලට ඇතුළු වීමට යාමේදී Wakanda dome එකේ වැඩි විනාශ වී යනවා. ඉන් අනෙක් යානා dome එකෙන් පිටට පතිත වෙනවා. T'Challa සුදානම් වෙනවා සටන් කිරීමට. එ වගේම Steve හට නව shield එකක් හිමි වෙනවා. Steve, Wanda හට කියා සිටිනවා stone එක ගලවූ විගස විනාශ ක දමන ලෙස. Wakandain සියලු දෙන සුදානම් වෙනවා සටන සදහා එ වගේම අපිට දකින්න පුළුවන් Bruce ව Hulkbuster එක තුල. Proxima Midnight සහ Cull Obsidian පැමිණ පවසන්නේ Stone එක ලබගන්නකම් මැරෙනා තුරු සටන් කරනවා කියා. යානා වලින් පිටට පැමිණෙන Outriders ලා dome එක හරහා එන්න පටන් ගන්නවා. එ සමගම ඔවුන් අතර සටන ඇති වෙනවා. [Avengers: Infinity War]

මිය ගිය තරුව ක්‍රියාත්මක කර Thor සමත් වෙනවා එය නැවත යතා තත්වයට පත් කරන්න. එ සමගම Eitri, Stormbreaker නිර්මාණය කරනවා. Groot විසින් එය සම්පුර්න කිරීමත් සමග Stormbreaker හි බලය ක්‍රියාත්මක වෙනවා. බාධකයක මගින් විශාල වශයෙන් එන Outriders සමග Wakandain සහ Avengers ල සටන් කරත් Outriders ප්‍රහාර ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ අවස්ථාවේදීම Bifrost එක මගින් Stormbreaker එක සමග මෙතනට එන Thor ප්‍රහාර එල්ල කරන Outridersල මර්ධනය කරන්න සමත් වෙනවා. [Avengers: Infinity War]

Titan වලට එන Thanos දකිනවා විනාශ වුන Q-Ship එක. Strange හට Thanos කියනවා තමන්ගේ ඉලක්කය ගැන. Thanos සහ Titan වල සිටින Avengers, Guardians අතර සටනක් ඇති වෙනවා. මේ සටන සදහා Nebula ද එකතු වෙනවා. සියලු දෙනාගේ එකතුවෙන් Thanos ගේ Infinity Gauntlet එක ඉවත් කිරීමට සුදානම් වෙනවා. නමුත් Thanos විසින් Gamora මරා දැමු බව දන ගත් පසු Quill අවේගශීලි වන නිසා ඔවුන්ට එය සම්පුර්ණ කිරීමට හැකි වෙන්නේ නෑ. Thanos දන ගන්නවා Strange Time Stone එක පාවිච්චි නොකර සටන් කරන බව. මෙතනට එන Iron Man සහ Thanos අතරත් සටනක් ඇති වෙනවා. මේ සටනින් Thanos Iron Man මරා දැමීමට සුදානම් වුනත් Strange ඔහුගේ ජීවිතය වෙනුවෙන් Time Stone එක ලබා දෙනවා. Stone එක ලබා ගත් Thanos අවසාන stone එක වෙනුවෙන් පෘතුවියට පිටත් ව යනවා. [Avengers: Infinity War]

Mind Stone එක වෙනුවෙන් පෘතුවියට එන Thanos Avengers ල සියල්ල මර්ධනය කර Vision වෙත පැමිණියත් ඊට පෙර Wanada විසින් Vision සමගම Stone එක විනාශ කර දමනවා. Thanos Time Stone එක භාවිත කරමින් කාලය ආපස්සට හරවා Vision ගෙන් Mind stone එක ලබා ගන්නවා. [Avengers: Infinity War]

Stones හයම Infinity Gauntlet එකට යොදා ගත් Thanos හට Thor ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් Thanos විසින් මේ අවස්ථාවේදී Infinity Gauntlet මගින් finger snap එක සිදු කරනවා. [Avengers: Infinity War]

Snap එකෙන් පසු Bucky, Wakanda හමුදාවෙන් භාගයක්, T'Challa, Groot, Scarlet Witch සහ Sam Wilson reality එකෙන් erase වී යනවා. එ වගේම Titan වලදී Mantis, Drax, Star-Lord, Doctor Strange සහ Spidey erase වී යනවා. [Avengers: Infinity War]

Ant-Man සුදානම් වෙනවා tunnel එක ඔස්සේ Quantum Realm තුලට ගොස් Ghost ව සම්පුර්න සුව කිරීමට Quantum අංශු රැගෙන ඒමට. Ant-Man Quantum Realm එක තුලදී ඔවුන්ගේ සම්බන්ධය විසන්ධි වී Hank, Janet සහ Dyne අළු බවට පත් වෙන්නේ Ant-Man Quantum Realm තුල සිර වෙද්දී. [Ant Man and the Wasp]

Home arrest එකේ ඉන්න Clint Barton ඔහුගේ දුවට archery train එකක් ලබා දෙන අතර වාරයේදී මුළු Clint ගේ පවුලම Thanos ගේ snap එකට එහෙමත් නැතිනම් Decimation එකට හසු වෙනවා. [Avengers: Endgame]

Nick Fury සහ Maria Hill, Wakanda සටන ගැන කතා කර යන විට දකිනවා මිනිසුන් erase වී යනවා. එ වගේම Maria ත්. සිදුවන දේ තේරුම් ගත්ත Fury දිව ඇවිත් pager එකින් පණිවිඩයක් යවනවත් සමග Furyත් snap වී යනවා. [Avengers: Infinity War]

JUN

New Avengers Facility වෙත Fury සොයා එන Captain Marvel හට එහිදී Avengers ලා හමු වෙනවා. [Captain Marvel]

Thanos සිටින ස්ථානය සොයා ගන්නා Avengers ලා සුදානම් වෙනවා Thanos සොයා යාමට. ඒ අනුව Tony හැර අනෙක් සියලු දෙනා අලුත් වැඩියා කල Benatar එකෙන් Thanos සිටින ග්‍රහලෝකය වෙත ගොස් තනොස් ට පහර දී තනොස් ගේ අත ගලවා දැමුවත් Infinity Gauntlet එකෙහි Stones නොමැති බව තේරුම් ගන්නවා.Thanos පවසනවා තමා Stones මගින් ඉල්ලක්කය සම්පුර්ණ කරගත් පසු එය විනශ කර දැමු බව. පසුව Stormbreaker එක මගින් Thor පහරක් එල්ල කර Thanos ව මරා දමනවා. [Avengers: Endgame]