MAY

Monaco වල පැවැත්වුණු Formula One තරගයකදී Vanko (Whiplash) Tony සමග ගැටුමක් ඇති කරගන්නවා. එහිදී Whiplash පරාජය වී අත්අඩංගුවට පත් වෙනවා. [Iron Man 2]

Thor ගේ කිරුල පැළදවීමේ උත්සවයක් Asgard වල පැවැත්වෙනවා. මේ උත්සවය දවසේ Frost Giants ල විසින් Casket of Ancient Winters පැහැර ගැනීමට උත්සහ කලත් එය අසාර්ථක වෙනවා. මීට කෝප වුන Thor, Odin ගේ අනුමැතියෙන් තොරව Frost Giants ට පහර දෙනවා. [Thor]

Ross, Emil Blonsky ඇතුළු විශේෂ හමුදා කණ්ඩායමක් යවනවා Banner ව අල්ලාගැනීම සදහා. එහිදී Banner හල්ක් ලෙස පරිණාමය වෙමින් ඔවුනට පහර දී එතනින් පලා යනවා. මෙහිදී Banner ට ඔහුගේ පරණ පෙම්වතිය වන Betty Ross හමුවෙනවා.ඇය සමග සිටින අවස්ථාවකදී Blonsky ඇතුළු පිරිස නැවත පැමිණෙනවා Banner ව අල්ලාගැනීමට. එතනදිත් හල්ක් Ross සමග එතනින් පැන යනවා. [The Incredible Hulk]

Hammer ගේ උදව්වෙන් Whiplash සිරභාරයෙන් පැන ගැනීමට සමත් වන අතර Hammer සහ Whiplash එක්ව හමුදා රොබෝවරුන් කණ්ඩායම නිර්මාණය කරනවා. Whiplash හමුදා රොබෝ කණ්ඩායම පාලනය තම අතට ගෙන Tony ගෙන් පලි ගැනීම නැවත පටන් ගන්නවා. Whiplash සමග සටනේදී Iron Man ට James Rhodes නොහොත් War Machine සහ Black Widow ගේ සහයද ලැබෙනවා. Whiplash පරාජය කිරීමෙන් පසු හමුදා රොබෝවරුන් කණ්ඩායම විනාශ කර දමනවා. [Iron Man 2]

JUN

Frost Giants සහ Asgardians අතර නැවතත් යුද්ධයකට අද දැමීම නිසා Odin විසින් Thor ව ඔහුගේ බලය ඉවත් කල මිටියත් සමග පෘථිවියට පිටමන් කරන අතර පෘතුවියේදී මෙක්සිකෝ හි කාන්තාරයක ගවේෂණයක් කරන අතරතුරදී Jane Foster ට Thor හමුවෙනවා. [Thor]

Asgard වල රජකම ලබා ගැනීම අරමුණින් Loki උත්සහ කරනවා Thor මරා දැමීමට. එහිදී Thor ගේ පරාර්ථකාමී බව වැටහුණු Odin මිටියෙහි බලය නැවත ඇතිකරනවා. Destroyer පරාජය කරන Thor Asgard වලට පැමිණෙනවා. [Thor]

Loki හා Frost Giants සමග සටන් කරන Thor ඉන් ජය ගන්න අතර Loki, space එකේ අතුරුදන් වී යනවා. [Thor]

කලින් Blonsky සුපිරි සොල්දාදු පරික්ෂණයට මුහුණු දුන් නිසා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ මිශ්‍ර වීම නිසා Blonsky, Abomination බවට පත් වෙන අතර තමාට ලැබුණු බලය පාවිච්චි කරමින් Abomination නගරය පුරවට කෝලාහල ඇති කරනවා. එය මැඩ පැවැත්වීමට හල්ක් ඉදිරිපත් වී Abomination සමග සටනක් ඇති වන අතර ඉන් හලක් ජය ගන්නවා. [The Incredible Hulk]