2021

2021 වසරේදී Ronin විසින් Tracksuit Mafia කණ්ඩායමකට පහර දෙනවා. මෙහිදී Maya Lopez ගේ පියා Ronin අතින් ඝාතනයට ලක් වෙනවා. [Hawkeye]

Kingpin අන්ගනයකට පහරදෙන Maya Lopez එහිදී Kingpin ගේ අපරධකරුවන් සොයා එන Daredevil සමග සටනක් ඇති වෙනවා. [Echo]

2023

2023 ඔක්තෝම්බර් 23 දින San Francisco වල ගබඩාවක් ඉදලා Ant-Man , Luis ගේ වැන් එකේ Quantum Tunnel එක හරහා Quantum Realm එකෙන් එලිය පැමිණෙනවා. Avengers Facility වෙත එන Scott පැහැදිලි කරනවා තමන් Quantum Realm තුල සිර වී සිටයේ පිටත ලෝකයට අවරුදු 5ක් වුනාට ඔහුට එයට ගත වුනේ පැය 5ක් පමණ බවත් Quantum Realm මගින් වෙනත් කාලයකට යා හැකි බවත් එය පාලනය කරන දෙයක් නිර්මාණය කලහොත් Decimation එකට පෙර කාලයට යා හැකි බවත්. [Avengers: Endgame]

ඒ අනුව Avengers කණ්ඩායම නැවත එකතු කරගැනීමෙන් පසු Stones නැවත රැගෙන ඒමට කණ්ඩායම් 3කින් සමන්විත Avengers ල කාලය හරහා අතීතයට ගමන් කරනවා. [Avengers: Endgame]

Alternate timelines වල අතීතයෙන් සොයාගත් Stones සමග Natasha නොමැතිව Avengers ලා නැවත පැමිණෙනවා. Tony, Stones 6 එකතු කල Nano Gauntlet එකක් නිර්මාණය කරනවා. නිර්මාණය කල Gauntlet එකෙන් Snap එක සිදු කිරීමට Hulkට හැකි වෙනවා. [Avengers: Endgame]

Blip එකත් සමගම 2014 Alternate timeline එකකින් පැමිණි Thanos ගේ යානාවෙන් Avengers Facility වෙත දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. කඩා වැටුණු Avengers Facility හි Hulk,War Machine,Ant-Man සහ Rocket සිරවෙන අතර Hawkeye, Stones සමග Iron Gauntlet සොයා ගන්නවා. ඉන් පිටතට පැමිණෙන Iron Man, Captain America සහ Thor සුදානම් වෙනවා Thanos සමග සටන් කිරීමට. [Avengers: Endgame]

Thanos සහ Iron Man, Captain America, Thor අතර සටනක් ඇති වෙන අතර Hawkeye ගෙන Gauntlet එක ලබා ගන්න 2014 Nebula, Gamora ව මැරීමට උත්සහ කිරීම නිසා වර්තමානේ Nebula විසින් මරා දමනවා. [Avengers: Endgame]

Thanos සහ Captain America අතර සටනක් ඇති වෙන අතර මෙහිදී Thanosගේ දරුණු පහරවල් වලට Captain America ලක් වෙන අතර Sling Ring Portal එකක් මගින් එන Black Panther , Shuri සහ Okoye සටනට එකතු වනවා. ඒ සමාගම Sling Ring Portal සියගණන් නිර්මාණය වී M'Baku ඇතුළු Wakanda හමුදාවත්, Falcon , Doctor Strange , Wanda Maximoff , Spider-Man , Drax , Groot , Wasp , Star-Lord , Mantis , Winter Soldier,Rescue Armor එකෙන් එන Pepper Potts,Valkyrie,Korg Hulk, War Machine, Rocket, Giant-Man, Wong ඇතුළු Masters of the Mystic Arts කණ්ඩායම , Dora Milaje කණ්ඩායම , Ravagers කණ්ඩායම සහ Asgardians ල Captain America ගේ සටනට එකතු වෙනවා. [Avengers: Endgame]

Thanos ගේ හමුදාව සහ Avengers අතර සටනක් Avengers Compound හි ඇති වෙන අතර දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන Sanctuary II එක සහමුලින්ම විනාශ කිරීමට එතනට එන Captain Marvel ට හැකි වෙනවා. [Avengers: Endgame]

Gauntlet එක ලබාගෙන Thanos snap එක සිදු කිරීමට ගියත් එය කීප සැරයක්ම වළක්වෙනවා.අවසානයේ Stones ටික ලබා ගන්න Iron Man, Iron Man Armor එකෙන්ම නිර්මාණය වන Gauntlet එකකින් snap එක සිදු කරන අතර එයින් Thanos සහ මුළු හමුදාවම ඔවුගේ යාන සමගම අළු වී යනවා. Infinity Stones සියල්ලේම බලය දරාගත් නොහැකි වූ Iron Man නොහොත් Tony Stark මිය යනවා. [Avengers: Endgame]

අලුත් Quantum Tunnel එකකින් Stones නැවත අතීතයට රැගෙන යාමට Steve පිටත් වීමත් සමග Quantum Tunnel එකෙන් නැවත නොඑන Steve ඒ අසල බංකුවක දකින්න ලැබෙනවා. Steve තම shield එක සහ Captain America නාමය Sam හට පිරි නමන අතර ඔහු ගත කල ජීවිතය රහසක් විදියටම තිය ගැනීමට කටයුතු කරනවා. [Avengers: Endgame]

2023 නොවැම්බර් 1 වෙනි දින S.W.O.R.D. Headquarters වෙත යන Wanda, Vision හට අවමංගල්‍යක් අවශ්‍ය බව තර්ක කර Vision ගේ ශරීරය රැගෙන යාමට උත්සහ කරනවා. [WandaVision]

පසුව Westview නමැති කුඩා ටවුන් එකකට පැමිණෙන Wanda එහි සිටි මිනිසුන් යොදාගෙන තම බලය යොදාගනිමින් reality world එකක් නිර්මාණය කරන අතර Hex එක තුලට ඇතුල්වීමට උත්සහ කල Rambeau එයින් බලයන් හිමි වෙනවා. [WandaVision]

Wanda, reality world එක නිර්මාණය කල ආකාරය Agatha සොයා ගන්නවා. මේ නිසා Wanda සහ Agatha අතරත්, Vision සහ S.W.O.R.D. විසන් Vision ගේ සිරුරේ කොටස් reactivate කරලා living weapon එකක් විදියට සක්‍රිය කර නිර්මාණය කල White Vision අතරත් Westview හි සටනක් ඇති වෙනවා. Vision ට හැකි වෙනවා White Vision ව පාලනය කර Vision ගේ මතකය ලබා දීමට. Agatha ව පරාජය කරන Wanda ඇය නිර්මාණය කල reality එක මකා දමා Westview වලින් පිටවී යනවා. [WandaVision]

වයස අවුරුදු 13ක් වන William Kaplan රිය අනතුරකට මුහුණ දෙන අතර ඉන් ඔහු මිය යනවා. මේ අවස්ථාවේම Wanda විසින් reality එක මකා දමන අතරතුර Billy Maximoff ගේ ආත්මය Kaplan ගේ ශරීරයට transfer කරනවා. [Agatha All Along]

2024

2024 දී Dark Gate එක විනාශ කිරීමට පටන ගන්න Xu Wenwu මේ හේතුවෙන් ඉන් Soul Eaters එලියට පැමිණ Ta Lo ගම්වාසීන්ගෙන් සහ Ten Rings කණ්ඩායම සාමාජිකයින්ගෙන් ආත්මය උකහාගෙන ඔවුන්ගේ නායක Dweller-in-Darkness ව පෝෂණය කරන්න පටන් ගන්නවා. වැව් පතුලෙන් හමුවෙන Great Protector ගේ උදව්වෙන් Soul Eaters ලව මර දන්නා හැකිවෙන Shang-Chi හට ඒ සදහා Ta Lo වැසියන්ගේ මෙන්ම Ten Rings කණ්ඩායම සහයද හිමි වෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]

Xu Wenwu ගෙන් Ten Rings වල බලය හිමි කරගැනීමට Shang-Chi ට හැකිවෙන නමුත් එතනට පැමිණෙන Dweller-in-Darkness විසින් Xu Wenwu මරා දමනවා. පසුව Shang-Chi ට Ten Rings මගින් Great Protector, Xu Xialing සහ Katy Chen ගේ උපකාරයෙන් Dweller-in-Darkness ව විනාශ කිරීමට හැකිවෙනව. [Shang Chi and the Legend of the Ten Rings]

Wong පැමිණ Shang-Chi සහ Katy Chen ව Kamar-Taj වලට රැගෙන යන අතර එහිදී ඔවුන්, Bruce Banner සහ Captain Marvel සමග Ten rings වල origin එක ගැන විශ්ලේෂණය කරනවා. කෙසේ නමුත් ඔවුන්ට එයින් නිසි නිගමනයකට ඒමට හැකි නොවුනත් මේ Ten rings මගින් mysterious පණිවිඩයක් සම්රේෂණය වන බව තේරුම් ගන්නවා. මේ අතර Ten Rings Headquarters වලට පැමිණෙන Xu Xialing, Ten Rings කණ්ඩායමේ නායිකාව බවට පත් වෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]

2024 අප්‍රේල් 30 දින සිරෙන් පැනගිය Zemo ව රැගෙන යාමට Dora Milaje සාමාජිකාවන් කීපදෙනෙක් පැමිණෙන නමුත් එතැනදී ඔවුන් සහ ඇමෙරිකානු රජය විසින් නව Captain America ලෙස නම් කල John Walker Walker අතර ඇතිවෙන සටන අතරතුරදී Zemo පලා යනවා. පසුව Flag Smashers ලා සමග සටනකදී Karli අතින් Walker ගේ හොදම සගයා වන Lemar Hoskins මිය යන අතර මේ නිසා කෝප වුන Walker, Flag Smashers සාමාජිකයෙකු ප්‍රසිද්ධියේ මරා දමනවා. [The Falcon and the Winter Soldier]

Shield එක වෙනුවෙන් Walker, Falcon සහ Bucky සමග සටනක් ඇති වෙන අතර එහිදී Falcon suit එකේ පියාපතක් විනාශ වී යනවා. ඇමෙරිකානු රජය විසින් Walker ගේ ක්‍රියාකලාපය හේතුවෙන් Captain America mantle එකෙන් මෙන්ම ඇමෙරිකානු හමුදාවෙනුත් ඉවත් කරන කෙසේ නමුත් Walkerගේ ගමනට උදව් කිරීමට Valentina Allegra de Fontaine කැමති වෙනවා. [The Falcon and the Winter Soldier]

2024 මැයි 5 වන දින Wakanda හිදී Black Panther , T'Challa ගේ අවමංගල්‍ය සිදු වෙනවා. [Black Panther: Wakanda Forever ]

2024 ජුනි 28 දින Peter යහළුවන් Europe school trip එකක් සදහා ඉතාලියේ Venice නුවරට පැමිණෙන අතර එතනට Hydro-Man පැමිණ මිනිසුන්ට පහර දීමට පටන් ගන්න අතර මෙතනට පැමිණෙන Mysterio, Hydro-Man ව පරාජය කිරීමට හැකිවෙන අතර Peter ද ඒ සදහා සහය වෙනවා. [Spider Man: Far From Home]

Peter, Carnival of Lights වලට පැමිණෙන Molten සමග Mysterio හා සටන්කර මේ සටනේදී Molten විනාශ වෙන අතර Spider-Man ට ඔහුගේ යහළුවන්ද බේරාගැනීමට හැකි වෙනවා. [Spider Man: Far From Home]

Beck සුදානම් වෙනවා E.D.I.T.H. තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින් London නුවර Elemental Fusion සමග සටනක් ඇති කිරීමට. Peter, Beck ගේ සැලසුම Fury හෙළිකිරීමට යාමේදී Beck එතනට පැමිණ Fury හට පහරක් එල්ල කර Peter ව illusions කීපයක සිර කරනවා. [Spider Man: Far From Home]

2024 ජුලි 2 වන දින Elemental Fusion, London නුවරට පහර දීමට පටන් ගන්න අතර Mysterio එය සමග සටන් කිරීමට පටන් ගන්නවා. මේ සමගම Spider-Man ද මෙතනට පැමිනෙන අතර Elemental එක තුල Drones අතර සටන් කර පසුව Beck ව අල්ලා ගැනීමට ඔහුට හැකි වෙනවා. Beck මිය යාමට පෙර Spider-Man ගේ රහස් අනන්‍යතාවය මුළු ලොවටම හෙළි කරනවා. [Spider Man: Far From Home]

2024 ජුලි 7 දින GRC ගොඩනැගිල්ලට කඩා වැදුණු Flag Smashers ලා එහි සාමාජිකයින්ව පැහැරගෙන ගොස් මරා දැමීමට උත්සහ කලත් Captain America (Sam), Bucky සහ Walker විසින් ඔවුන්ව බෙරාගනවා. [The Falcon and the Winter Soldier]

Mysterio ඝාතනයට චෝදනා ලද සිටින Peter හමුවීමට 2014 ජුලි 15 දින Matt Murdock පැමිණෙනවා Peter හට නීතිමය උපදෙස් ලබා දීමට. [Spider Man: No Way Home]

2024 ඔක්තෝම්බර් මස මුල් සතියේ Bruce Banner ව සොයා Sakaar සිට පැමිණෙන යානාව හේතුවෙන් Jennifer Walters සහ Banner අනතුරකට ලක් වෙනවා. මේ අනතුරින් Banner ගේ gamma විකිරණ ලේ Walters ශරීර ගත වීමෙන් ඇය Hulk කෙනෙකුට පරිණාමනය වෙනවා. [She-Hulk: Attorney at Law]

2024 ඔක්තෝම්බර් මස 15 වෙනි දින සියවස් ගණනාවකට පසු Deviant ලා නැවත ක්‍රියා කාරී වීම හේතුවෙන් Eternals තීරණය කරනවා තම කණ්ඩායම එකතු කරගැනීමට. නමුත් තම අරමුණ Arishem හට සේවය කිරීම ලෙස තේරුම්ගත් Ikaris, Eternals නතර කිරීමෙන් Emergence එක සිදුවීමට හැරීමට උත්සහ කරන අතර මෙයට Sprite ගේද සහය හිමි වෙනවා. එහිදී Ikaris, Eternals අතර සටනක් ඇති වෙනවා. මෙතනට පැමිණෙන Kro සහ Thena අතර සටනක් ඇතිවෙන අතර එහිදී Deviant නායක වන මේ Kro ව මරා දැමීමට Thena හට හැකිවෙනවා. Eternals සාමාජිකයින් පරාජය කර Sersi ව මරා දැමීමට Ikaris උත්සහ කලත් ඔවුන්ගේ අතීත මතකයන් නිසා Ikaris, Sersi ව නොවලක්වා සිටීමට තීරණය කරනවා. Sersi සියලු Eternals ලාගේ බලයන් එකතු කරගෙන Celestial Emergence එක වලකිවීමට කටයුතු කරනවා. [Eternals]

Ikaris, Sersiගෙන් සමාව ඉල්ලා සුර්යා වෙත පියසර කර මිය යන අතර Sprite තීරණය කරනවා බලයන් ලබා දී සාමාන්‍ය මිනිසෙකු ලෙස ජිවත් වීමට. Thena, Makkari සහ Druig යානවන් විශ්වයේ සිටින තවත් Eternals ලා සොයා පිටත් වෙනවා ඔවුන්ටද සත්‍ය තෙරුම්කරදීමට. Celestial Emergence එක නැවත්වීම හේතුවෙන් පෘතුවියේ සිටි Sersi, Phastos සහ Kingo ව Arishem විසින් ඔවුන්ව පෘථිවියෙන් පැහැරගෙන යනවා. [Eternals]

2024 නොවැම්බර් 12 Peter, Doctor Strange සොයා New York Sanctum වලට පැමිණෙනවා. Strange හමුවෙන Peter ඉල්ලා සිටිනවා අතීතයට ගොස් Spider-Man අනන්‍යතාවය හෙළි වීම නිසා එය වලක්වා ගත හැකි මාර්ගයක් ගැන. නමුත් එහි ප්‍රතිවිපාක දන්නා නිසාත් Time Stone එක නොමැති නිසාත් Strange එය ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඔහු යෝජනා කරනවා මිනිසුන්ගේ මතකය මකා දැමීමේ සුත්‍රයක් ගැන. ඒ අනුව ඒ සුත්‍රය සිදු කරන අවස්ථාවේ Peter ගේ බාධා කිරීම හේතුවෙන් Strange හට සුත්‍රය වැරදි Spider-Man අනන්‍යතාවය දන්නා Multiverse හි අනික් universe පුද්ගලයීන් පැමිණීමට පටන් ගන්නවා. ඒ පැමිණි පුද්ගලයින් අතරින් Doctor Octopus සහ Green Goblin, Spider-Man සොයා එන අතර ඔවුන් අතර සටනක් ඇති වෙනවා. [Spider Man: No Way Home]

වෙනත් universe වලින් පැමිණි අය නැවත ඔවුනොවුන්ගේ universe වලය යැවීමට උත්සහකරන Strange නතර කිරීමට එරෙහි වෙන Peter මතය වන්නේ ඔවුන් නැවත ඔවුන්ගේ universe එකට යැවීමෙන් ඔවුන් මිය යා හැකි බවත් ඔවුන්ව මුදවාගෙන සුව කර නැවත ඔවුන්ගේ universe වලට යැවිය යුතු බවයි.මේ හේතුවෙන් Strange සහ Spider Man අතර සටනක් ඇති වෙන අතර Strange, Spider Man ව Mirror Dimension එකේ සිර කිරීමට උත්සහ කලත් ඉන් Strange එහි සිර කිරීමට Spider Man ට හැකි වෙනවා. [Spider Man: No Way Home]

Peter ගේ ඒ සැලැස්මට May, Jones, සහ Leeds උදව් කිරීමට කැමති වන අතර එහිදී Green Goblin හා සමග ඇතිවෙන සටනක් අතර තුරදී Aunt May මිය යනවා. කෙසේ නමුත් Peter තවත් Universe දෙකකින් පැමිණි Peter Parker දෙදෙනුකු සමග එක වී Green Goblin, Doctor Octopus, Sandman , Lizard සහ Electro සුව කිරීමට හැකි වෙනවා. Multiverse තුලින් තව තවත් Peter ව Spider-Man ලෙස හදුනන අය පැමිණීමට පටන් ගන්න අතර ඔවුන් නතර කිරීමට හැකි එකම මග තමන්ව Peter Parker ලෙස හදුනන අයව මතකයෙන් ඉවත් කිරීමෙන් පමණක් බව තේරුම් ගන්න Peter, Strange හට පවසනවා ඒ විදියට මන්ත්‍රය සිදුකරන ලෙස. ඒ අනුව මන්ත්‍රය සිදුකිරීමෙන් universe එකේ සියලු දෙනාගෙන් Peter Parker මතකයන් මැකී යනවා. [Spider Man: No Way Home]

2024 නොවැම්බර 24 දින Scarlet Witch විසින් Gargantos නම් creature කෙනෙකු එවනවා Multiversal හරහා ගමන් කල හැකි බලයක් ඇති වෙනත් universe එකකින් පැමිණි America Chavez ව පැහැර ගැනීමට. මෙහෙදී Wong සහ Doctor Strange මැදිහත් වීමෙන් Chavez ව බේරාගැනීමට හැකි වෙනවා. පසුව ඇය Strange ආරක්ෂාව යටතේ Kamar-Taj වලසිටින බව දැනගන්නා Scarlet Witch, Kamar-Taj වලට පහර දෙන අතර එහිදී Strange සහ Chavez තවත් Universe එකකට විසි වී යනවා. [Doctor Strange in the Multiverse of Madness]

ඔවුන් විසි වී ගිය Universe එකේ Wanda ගේ මනස පාලනයට ගනිමින් Scarlet Witch, Chavez අල්ලාගෙන ඇයගේ බලයන් ගෙන එමගින් ඇයගේ වෙනත් universe එකක දරුවන් ලබාගනීමට උත්සහ කරනවා. එහිදී Chavez විසින් ඔවුන් කලින් ගිය universe එකේ Wanda ගේ නිවසට portal එකක් නිර්මාණය යථාර්තය පෙන්වා දෙනවා. [ Doctor Strange in the Multiverse of Madness]

2024 දෙසැම්බර් 19 වන දින black market වෙන්දේසියකදී Tracksuit Mafia කණ්ඩායම විසින් සිදු කරන මන්කොල්ලයකදී Kate, වෙනදෙසියට නියමිතව තිබු Ronin ගේ suit එක හදගෙන ඔවුනට පහර දී පලා යනවා. මෙම සිද්ධිය ප්‍රසිද්ධ වීමත් සමග Suit එක සොයා එන Clint හට Kate ව හමුවෙනවා. [Hawkeye]

Maya තම පියා ඝාතනය කල Ronin ව සොයා පලිගැනීමට සුදානමින් සිටින බව දැන ගන්නා Clint සහ Kate, Echo සහ Tracksuit Mafia කණ්ඩායමට පහරදී ඉන් පලායාමට හැකිවෙනවා. [Hawkeye]

Maya ගේ apartment එකට ඇතුළු වන Kate එහෙදී Maya අතර සටනක් ඇති වෙන අතර ඇයව යෙදවූ Clint ට එතනට පැමිණි Yelena Belova පහර දීමට පටන ගන්නවා. මේ සටන අවසානයේදී Maya සහ Yelena එතනින් පලා යනවා. [Hawkeye]

2024 දෙසැම්බර් 24 දින සියල්ල නිමා කිරීම අරමුණින් අවසානයේදී Echo හමුවෙන Ronin එහෙදී තම Clint බව පෙන්වා දෙනවා. ඊට අමතරව ඇයගේ පියා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ඔහුගේම boss Wilson Fisk නොහොත් Kingpin බව Clint හෙළි කරනවා. ඔවුන් අතර සටනක් ඇතිවෙන අතර Kate පැමිණ Clint ව බේරා ගන්නවා. [Hawkeye]

Fisk ට එරෙහිවී ඉවත්ව යාම වෙනුවෙන් Fisk, Eleanor ව මරා දැමීමට උත්සහ කලත් එය සාර්ථක වන්නේ නෑ. Christmas Eve party එකට ප්‍රහාරයක් එල්ල කරන Kazi Kazimierczak සහ Tracksuit Mafia, Kate Bishop සහ Hawkeye සමග සටනක් ඇතිවෙනවා. එහිදී Tracksuit Mafia කණ්ඩායම මෙල්ල කිරීමට ඔවුන්ට හැකිවෙනවා. මෙතනට පැමිණෙන Yelena ද Hawkeye අතර සටනක් ඇතිවෙන අතර එහිදී Hawkeye, Natasha ගේ sacrifice එක ගැන පැහැදිලි කර දෙනවා. මේ අතර මෙතනට එන Fisk, Kate Bishop අතරද සටනක් ඇතිවෙන අතර එහිදී Fisk හට තුවාල සිදුවී පලා යනවා. පලා යන Fisk ඉදිරියෙට එන Maya, තම පියාගේ සැබෑ ඝාතකයා Fisk හට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. [Hawkeye]

2025

2025 අප්‍රේල් 29 දිනදී Arthur Harrow විසින් එජිප්තු creature කෙනක් වෙන Jackals ව මෙහෙයවනවා Steven Grant ව මරාදැමීමට. මෙහිදී Moon Knight පාලනයට ගෙන Jackals ව මරාදැමීමට Spector ට හැකි වෙනවා. [Moon Knight]

2025 මැයි මස දිනක Riri Williams ව සොයා FBI හමායන අවසතව්කදී Vibranium Detector එක නිර්මාණය කිරීම හේතුවෙන් Talokanil පිරිසක් පැමිණ Shuri සහ Riri Williams අල්ලාගෙන යනවා. [Black Panther: Wakanda Forever]

Shuri සහ Riri බේරාගෙන යාමට පැමිනි Nakia අතින් Talokanil කෙනෙකු මිය යාම හේතුවෙන් Namor සහ Talokanil ලා, Wakanda වට ප්‍රහාර එල්ල කරන අතර ඉන් Wakanda රැජිණ Ramonda මිය යනවා. [Black Panther: Wakanda Forever]

Ramonda ගේ මියයාමත් සමහ Talokanil සහ Wakanda අතර සටනක් ඇති වෙන අතර එයට Riri ද සමබන්ධ වෙනවා. Namor සහ නව Black Panther කෙනෙකු වූ Shuri සමග සටනේදී Namor ගේ යටත් වීම හේතුවෙන් ඔහුට සමව දෙන Black Panther, Talokanil සහ Wakanda සටන නවතා දමනවා. [Black Panther: Wakanda Forever]

2025 අගෝස්තු 15 දින Leapfrog ව සොයා යන Daredevil ට She-Hulk හමුවෙනවා. පසුව Daredevil ගේ අනන්‍යතාවය දැනගත් She-Hulk, Leap Squad එකට පහර දී Leapfrog අල්ලාගැනීමට Daredevilට සහය ලබා දෙනවා. [She-Hulk: Attorney at Law]

සැප්තැම්බර් 16 වන දින Jersey City හි Kamala Khan ඇයගේ අත්තම්මගේ පෙට්ටගමෙන් පෞරාණික වළල්ලක් (Quantum Bands) සොයාගන්නවා. මෙහින් යම් බලයන් හිමි කරගන්නා ඇය මේ නිසා සමාජ මාධ්‍ය ජලයේ ප්‍රසිද්ධ වෙනවා.[Ms.Marvel]

Kamala Khan ගේ Quantum Bands වල බලය නිසා එය සොයා පැමිණෙන Damage Control කණඩායමක් සටනකින් පරාජය කිරීමට Kamala Khan නොහොත් Ms. Marvel සහ Kamran හට හැකි වෙනවා. [Ms.Marvel]

Vanessa Fisk ගේ නියෝගයෙන් Bullseye විසින් Foggy Nelson ව ඝාතනය කරනවා. මෙහිදී Daredevil සහ Bullseye අතර සටනක් ඇති වෙන අතර අවසානයේ Bullseye අත්අඩංගුවට ගැනෙන අතර Matt Murdock තීරණය කරනවා Daredevilට සමුදීමට. [Daredevil: Born Again]

2025 ඔක්තෝම්බර් 21 දින Gorr the God Butcher විසින් Shadow Monsters ලව මෙහෙයවනවා New Asgard වලට පහරදීමට. මෙහිදී New Asgard ආරක්ෂා කිරීමට Thor පැමිණේනෙන අතර එයට Mighty Thor ද සම්බන්ධ වෙනවා. කෙසේ නමුත් මෙහෙදී New Asgard හි දරුවන් පැහැරගෙන යාමට God Butcher ට හැකි වෙනවා. [Thor: Love and Thunder]

Gods ලා හබා එන Gorr ගෙන Zeus හට අනතුරු ඇගවීමට සහ උදව් ලබාගැනීමට Omnipotence City වෙත එන Thor, Mighty Thor, Valkyrie, සහ Korg හට Zeus පහර දීමට පටන් ගන්නවා. මේ හේතුවෙන් ඔවුන්ට පහර දෙන Thor ඇතුළු පිරිස Zeusව මරා Zeusගේ Thunderbolt එක ගෙන පලා යනවා. [Thor: Love and Thunder]

Thor ගෙන් පැහැර ගත් Stormbreaker මගින් Gorr උත්සහ කරනවා Eternity ගේ දොරටුව විවෘත කිරීමට. එහිදී Thor සහ Mighty Thor, Gorr සමග සටන් කරනවා. සටන අවසානයේ Gorr ට හැකි වෙනවා Eternity හමුවට යාමට සහ ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට. කෙසේ නමුත් Thor ගේ පැහදිලි කිරීමෙන් Gorr ගේ දෙවියන් ඉවත් කිරීමේ ප්‍රාර්ථනාව වෙනුවට තම දියණිය ජිවත් කිරීමේ ප්‍රාර්ථනාවක් ලෙස වෙනස් වෙනවා. ඒ අනුව Gorr ගේ මිය ගිය දියණිය වන Love නැවත පුනුරුප්පත්තිය ලබනවා. පිලිකාවක සිටි Mighty Thor මිය යන අතර ඇය Valhalla වෙත ගමන් කරනවා. Thor තීරණය කරනවා Gorr දියණිය තම භාරයට ගෙන හද වඩා ගැනීමට. [Thor: Love and Thunder]

2025 ඔක්තෝබර් 31 දින Monster Hunting Cabal හි Verussa Bloodstone සහ ඇයගේ සාමාජිකයින් මරා ඔවුන්ගේ ග්‍රහණයෙන් පැන යාමට Jack Russell නොහොත් Werewolf සහ Man-Thingට හැකි වෙනවා. [Werewolf by Night]

2025 දෙසැම්බර් 23 දින Peter Quill ගේ නත්තල් ත්‍යාගය සදහා Drax සහ Mantis විසින් Kevin Bacon ව පෘථිවියෙන් පැහැරගෙන යනවා. [The Guardians of the Galaxy: Holiday Special]

2026

2026 ජුලි 24 දින Cassie විසින් නිර්මාණය කල Quantum Satellite එක ක්‍රියාත්මක වීමෙන් Scott,Cassie,Hope, Janet සහ Hank Pym, Quantum Realm එකට ඇදී යනවා. [Ant-Man and the Wasp: Quantumania]

Quantum Realm එක තුලදී ඔවුන්ට Council of Kangs එක මගින් Quantum Realm එකට නෙරපා සිරකර දැමු Kang the Conqueror හමුවනවා. Pym කණඩායමේ උදව් ගෙන Quantum Realm එකෙන් පැනයාමට Kang the Conqueror උත්සහ කරන නමුත් Conqueror සහ හමුදාවට පහර දී Quantum Realm එකෙන් පැන යාමට Pym කණඩායමට හැකි වෙනවා. [Ant-Man and the Wasp: Quantumania]

2026 සැප්තැම්බර් 04 දින Adam Warlock විසින් Guardians of the Galaxy ලාට පහර දෙනවා. ඒ Ayesha විසින් Rocket ව පැහැරගෙන ඒමට Adamව යොදවන හේතුවෙන්. කෙසේ නමුත් මෙහිදී Adam, Rocket පැහැරගෙන ඒමේ මෙහෙයුම අසාර්ථක වන අතර ගැටුමේදී Rocket තුවාල ලබනවා. [Guardians of the Galaxy Vol. 3]

තුවාල ලබා මියමින් සිටින Rocket ගේ killswitch එක ඉවත් කිරීමට Guardiansලා Counter-Earth වල High Evolutionary ලග ඇති passkey එක සොයා යනවා. මෙහෙදී ඇතිවෙන සටනේදී Counter-Earth එක විනාශ වන අතර එහිදී Ayesha මිය යනවා. [Guardians of the Galaxy Vol. 3]

Arête Laboratories එකෙන් පලා යන High Evolutionary ව හබා යන Guardiansලා High Evolutionary හමුදාවට පහර දෙන අතර Guardiansලා ගේ සහයට පැමිණෙන Kraglin සහ Cosmo, Knowhere වලට පහරදීමට පැමිණෙන Orlonis හමුදාව විනාශ කිරීමට හැකිවෙනවා. [Guardians of the Galaxy Vol. 3]

High Evolutionary ව අල්ලාගැනීමට හැකිවෙන Guardiansලා ඔහු සිරකරන් සිටි ඔහුගේ පරිෂණය සදහා යොදාගන්මට සිටි Star Children සහ සතුන් නිදහස් කිරීමට හැකි වෙනවා. Adam Warlock, Guardians of the Galaxy කණ්ඩායමට එකතු වන අතර එහි නායකත්වය Rocket Raccoon හට හිමි වෙනවා. [Guardians of the Galaxy Vol. 3]

2026 නොවැම්බර් 4 වන දින Gravik විසින් රුසියාවේ මොස්කව් නගරයේ බෝම්බයක් පුපුරවා හරිනවා. මෙයින් රුසියානු ජාතකයින් 2000 කට පමණ තම ජිවිත අහිමි වෙනවා. පසුව Nick Fury ලෙසින් වෙස්වලාගත් Skrull Resistance කෙනෙකු විසින් Maria Hill ව වෙඩි තබා ඝාතනය කරනවා. [Secret Invasion]

2026 නොවැම්බර් 8 දින ලන්ඩන් හිදී Gravik සහ Skrull Resistance ලා විසින් ඇමෙරිකානු ජනාධිපති ඝාතනය කිරීමට උත්සහ කරනවා. ඔවුන්ගේ මෙහෙයුම් අසාර්ථක වුනත් හිටපු Skrulls නායක Talos, Gravik විසින් මරා දමනවා. [Secret Invasion]

රුසියාවේ New Skrullos හිදී G'iah සහ Gravik අතර ඇතිවෙන සටනේදී Gravik ව මරා දැමීමට G'iahට හැකි වෙනවා. [Secret Invasion]

Light-based powers සම්බන්ධය නිසා ඔවුන්ගේ බලයන් පාවිච්චි කිරීමේදී සිටින ස්ථාන මාරු වීමෙන් 2026 නොවැම්බර් 19 වන දින Rambeau, Ms. Marvel සහ Captain Marvel, Kree හමුදාවේ කිපදෙනුකු සමග සටනක් ඇති වෙනවා. [The Marvels]

Kree ග්‍රහලෝකය වන Hala ට අවශ්‍ය resources ලබා ගැනීම සදහා Tarnax IV ග්‍රහලෝකය විනාශ කර Aladna ග්‍රහලෝකයට පැමිණෙන Dar-Benn Aladna ග්‍රහලෝකයද විනාශ කරන අතර එහෙදී The Marvels සමග සටනක් ඇති වෙනවා. [The Marvels]

පෘථිවි සුර්යය්යා ට ප්‍රහාර එල්ල කිරමට සුදානම් වන Dar-Benn, The Marvels අතර සටනක් ඇති වෙන අතර එහිදී ඇය සොයාගත් Quantum Bands එක සහ Kamala ගේ Quantum Bands එකයි දෙකම එකවර භාවිතා කිරීමට උත්සහ කිරීමේදී Dar-Benn මිය යනවා. එහි දී Universal Neural Teleportation Network එකට හානි වීමෙන් එය යතා තත්වයට පත් කිරීමට Monica Rambeau ට හැකි වුනත් අවසානයේ ඇය මෙමගින් තවත් alternate universe එකකට ඇදී යනවා.මේ universe එකේ X-Men ලට හැකි වෙනවා Monica ව බෙරා ගැනීමට. මේ අතර Kamala විසින් Kate ව හමුවෙනවා නව කණ්ඩායමක් ආරම්භ කිරීමට. [The Marvels]

Death සහ Agatha අතර ඇතිවෙන සටනේදී Agatha මිය යන අතර ඇයගේ ආත්මය ghost කෙනෙකු ලෙස සැරිසැරීමට පටන් ගන්නවා. [Agatha All Along]

2027

2027 අප්‍රේල් 10 වන දින New York City Mayor ලෙස තේරී පත්වූ Wilson Fisk විසින් මෙහෙයවන Anti-Vigilante Task Force, Daredevil ඝාතනය කිරීමට උත්සහ කරනවා. මෙහිදී Anti-Vigilante Task Force සහ Daredevil අතර සටනක් ඇති වෙන අතර Daredevil ට Punisherගේ සහයද හිමි වනවා. [Daredevil: Born Again]

2027 අප්‍රේල් 16 දින Isaiah Bradley විසින් White House තුලදී President Thaddeus Ross ව ඝාතනය කිරීමට උත්සහ කරනවා. Samuel Sterns විසින් පුද්ගලයන්ගේ මනස පාලනය කල සිදු කෙරෙනු ව්‍යාජ උත්සහ කිරීමක ප්‍රතිපලක් වුණා මෙහිදී Isaiah අත්අඩංගුවට ගැනෙනවා. [Captain America: Brave New World]

ඇමෙරිකානු රජයේ adamantium සොරකම් කිරීමක් Samuel Sterns නොහොත් Leader ගේ හෙළිකිරීමෙන් ඇමෙරිකාව සහ ජපානය අතර Celestial Island වල යුධමය සටනක් ඇති වීමට ගියත් Captain America සහ Falcon ගේ මැදිහත් වීමෙන් එය නතර වී යනවා. [Captain America: Brave New World]

Washington, D.C. හිදී Leader ව අත්අඩංගුවට ගැනෙන අතර ඔහුගේ Thaddeus Ross ජනාධිපතිකම විනාශ කිරීමේ සැලසුමට අනුව Ross, Red Hulk කෙනෙකු ලෙස පරිණාමනය වනවා. එහිදී Captain America සහ Red Hulk අතර සටනක් ඇතිවී පසුව Ross ව අත්අඩංගුවට ගෙන Raft හි සිරගත කරනවා. [Captain America: Brave New World]