1991

1991 දී රුසියානු හමුදාවේ ඇතුලේ සිටින HYDRA සාමාජිකයින් විසින් Winter Soldier ව මෙහෙයුමකට සුදානම් කරනවා . ඒ Long Island වලදී 1991 දෙසැම්බර් 16 දින Howard සහ Maria Stark ව ඝාතනය කර Super Soldier Serum අම්ලයේ සාම්පල් 5ක් පැහැර ගැනීමට. [Captain America: Civil War]

1992

1992දී එවකට Wakanda රජු T'Chaka යනවා කැලිෆෝනියාවේ ඔහුගේ සහෝදරයා N'Jobu ව හමුවෙන්න. T'Chaka චෝදනා කරන ඔහුගේ සහෝදරයාට මේ තොරතුරු ලබාදීම Wakanda වලට ද්‍රෝහි වූ බවට. මේ චෝදනාව N'Jobu ප්‍රතික්ෂේප කළත් James නමින් පෙනී සිටි Zuri එය සනාථ කරනවා. මොකද Zuri, N'Jobu සමඟ ළඟින් ජීවත්වීමට යොදවා තිබෙන්නෙත් T'Chaka විසින්මයි. මෙතනදී N'Jobu T'Chaka අතින් මිය යනවා. [Black Panther]

1995

Starforce කණ්ඩායම සුදානම් වනවා මෙහෙයුමකට. මේ මෙහෙයුම Torfa හි Kree වැසියෙකු Skrulls ලාගෙන් බේරා ගැනීමයි. Torfa ග්‍රහලෝකය වෙත පැමිණෙන එහිදී Skrulls ලා සහ ඔවුන් අතර සටනක් ඇති වෙන අතර Captain Marvel, Skrulls ලා හට හසු වෙනවා. Skrull නායක Talos, Captain Marvel ගේ මතකය ලබා ගැනීමට උත්සහ කරනවා. Talos ට දැන ගැනීමට අවශ්‍ය වන්නේ Light-Speed Engine එක තිබෙන ස්ථානය ගැනයි. නමුත් Talos සහ Skrull ලය පහර දී Skrull Ship එකෙන් පලා යන Captain Marvel පෘතුවිය Los Angeles වලට කඩා වැටෙනවා. මේ කාලය පෘතුවියේ 1995 දී. [Captain Marvel]

අභ්‍යවකාශයේ තියෙන Laboratory එකට Captain Marvel, Talos, Maria, Fury සහ Goose පැමිණෙන අතර එහිදී Starforce කණ්ඩායම සහ Captain Marvel අතර සටනක් ඇති වෙනවා. මේ සටනින් ඔවුන්ව පරාජය කර Ronan යාන සියල්ලම විනාශ කරන Captain Marvel, Ronan ඉදියට පැමිණීමත් සමග Ronan, jump point එකෙන් පලා යනවා. [Captain Marvel]

1995 සැප්තැම්බර් මසදී Russian sleeper agents කණ්ඩායමක් ලෙස ඇමෙරිකාවේ ජිවත් වුන Alexei Shostakov, Melina Vostokova, Yelena Belova සහ Natasha Romanoff පසුපස S.H.I.E.L.D. සංවිධානය හබා එනවා. Cuba වට පලා එන ඔවුන්ගෙන් Natasha සහ Belova ව Red Room පුහුණුකිරීම් සදහා රැගෙන යනවා. [Black Widow]

1995 නොවැම්බර් මස Hank Pym සහ Elihas Starr නිරම්නය කරමින් සිටි Quantum Tunnel එකක් පිපිරී යාමෙන් Ava Starr ගේ මව සහ පිය මිය යන අතර ඉන් Ava බලයන් සමග දිවි ගලවාගැනීමට සමත් වෙනවා. [Ant Man and the Wasp]

1996

1996 වසරේදී Ta Lo නම් ගමෙහි මිත්‍යා ජීවින් සිටින බව සොයාගෙන Xu Wenwu එහි පැමිණ අවස්ථාවේ Ying Li හමුවීමෙන් ඔහුගේ සියලු අරමුණු වෙනස් වී ඇය සමග විවහ වී ජිවත් වීමට තීරණය කරනවා. පසුව ඔවුන්ට Shang-Chi නමින් පුතෙකු සහා Xu Xialing නම් දුවෙකු ලැබෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]

1996 Thanos සහ ඔහුගේ හමුදාව Zen-Whoberi ග්‍රහලෝකයට පැහැර දෙන අතර ඉන් ජනගහනයෙන් භාගයක් මරා දමනවා. එහිදී Thanos ට Gamora හමුවෙන අතර ඇයව හදාගැනීමට තීරණය කරනවා. [Avengers: Infinity War]